මේකට කියන්නෙ LinkWithin කියල. ගොඩක් කට්ටිය නම කියපු ගමන් දන්නව ඇති. තවමත් මේ ගැජට් එක දාගන නැති කට්ටියට කියන්නම්කො විස්තරේ. මේකෙන් වෙන්නෙ අපි ලියන සටහන යටින් තවත් අපි කලින් ලියපු සටහන් ටිකක් එව්වගෙ තියන පින්තූරෙකුත් එක්ක ලස්සනට පෙන්වන එක. පහළ තියන රූපෙ බැලුවොත් සිද්දිය පැහැදිළි වෙයි.
මේ ගැජට් එක free එකක්, ඒ වගේම මේක අපේ බ්ලොග් එකට දාගන්න ලොකු ගේමක් දෙන්න ඕනත් නෑ. Register වෙන්න ඕනත් නෑ. ඔයාට කරන්න තියෙන්නෙ බ්ලොග් එකට ලොග් වෙලා මෙතනට (LinkWithin Site) ගිහින් ගැජට් එක දාගන්න එක විතරයි.
ඔයාගෙ බ්ලොග් එක Blogger බ්ලොග් එකක්නම් දැම්මට පස්සෙ Layout page එකට ගිහිල්ල Blog Posts කියන Gadget එකට යටින් මේ අලුත් Gadget එක දාන එක තමයි ගොඩක් හොඳ. හැබැයි ඒකෙ default title එක එන්නෙ "You might also like:" කියල. ඒක සිංහලෙන් දාන්නනම් පහළ තියන code එක Gadget එකේ edit mode එකට ගිහින් paste කරන්න. රූපෙ බැලුවොත් පැහැදිළි වෙයි.
<script>linkwithin_text='මෙව්වත් කියවල බලන්න :'</script>
ප්රශ්ණ තියනවනම් ඒ කට්ටියගෙන්ම අහන්නත් පුලුවන්. දාල බලල අල්ලන්නෙ නෑ වගේනම් අයින් කරල දාන්න තියෙන්නෙ. කෝකටත් දාගනම බලන්නකො. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !
හොය හොය හිටපු අය්ටම් එකක්.. බොහොම ස්තුතියි.
ReplyDeleteShaa. . . niyami machan . . maath hoya hoya hitapu gadget ekak . . .. thankooo wenan ona meka dammata . . ..
ReplyDeletetnx machan . . .onna mamath damma . . welawaka gihin balannko . .. thank you very much machooo. .. ..
ReplyDeleteමාත් දැම්මෝ...
ReplyDeleteඋඹට පින් මල්ලී !!!
හරිම වටින tool එකක්. නමුත් wordpress වලට දාන්න බෑ.
ReplyDelete@ Gayan, දුකා, පිස්සා
ReplyDeleteබොහොම ස්තුතියි ප්රතිචාර වලට.
Default title එක (You might also like:) සිංහලෙන් දාන්න, එතකොට තවත් පට්ට.
@ Rajeen,
ඒක තමයි පොඩි අවුලකට තියෙන්නෙ. Self-hosted wordpress blog වලට විතරයි දාන්න පුලුවන්.
එළ එළ
ReplyDeleteබොහොම ස්තුතියි.
මමත් හොය හොය හිටිය එකක් තමයි මේක. නියමයි ඉස්සරහට තව වැඩ කියලා දෙන්න.
ReplyDeleteට පොඩි ගැටළුවක් තියෙනවා පුළුවන් නම් උත්තරයක් දෙන්න.
Rss feed සේවාව google feedburner.com සේවාවෙන් ලබා ගැනීමේදී ඔවුන් කිසියම් දත්ත සීමාවකට යටත්වද මෙම සේවාව ලබා දෙන්නේ.මගේ බ්ලොග් එකට පොඩි අවුලක් අවා ඒකයි ඇහුව්වේ.
වැඩේ ගොඩ.. ඔන්න මමත් දැම්මා.ඔත්තුව දුන්නට ගොඩක් ස්තුතියි.
ReplyDeleteඔන්න මාත් දාගත්තා... අපි වගේ වැඩ කිඩ නොදන්න අයට මේ වගේ ඒව කියා දෙන එක ලොකු පිනක්... තැන්කූ වේවා...!
ReplyDeleteමල්ලී, තව අවුලක් තියෙනවා මචං..
ReplyDeleteඇයි තෝරා ගත් බ්ලොග් ටිකක විතරක් blog post ඒකින් පෙන්වන්නේ? ඒ කිව්වේ පෝස්ට් 27ක් තියෙනවා නම්, ඒවා රැන්ඩම්ලි තැනින් තැන පෙන්වන්න බැරිද ඒකින්?
මොකද මගේ බ්ලොග් 5ක විස්තර තමයි, තැනින් තැන කැරකෙන්නේ... අනේ ඒකටත් මුකුත් කියහංකෝ....
@ thiraya, සිංහ, ප්රියන්ත
ReplyDeleteගොඩක් ස්තුතියි ප්රතිචාර වලට.
@ 3dsmax-si,
මම දන්න තරමින්නම් එහෙම නෑ. සමාවෙන්න ඕන feedburner පාවිච්චි කරන්නෙ නැති නිසා හරියට උත්තරයක් දෙන්න බෑ.
@ පිස්සා,
මෙහෙමයි අයිය, තවම දාපු ගමන්නෙ. පොතේ හැටියට ටික දවසකින් හරියන්න ඕන. මොකද ඒ ගොල්ලන්ට අපේ බ්ලොග් එකේ සටහන් index කරන්න දවසක් දෙකක් යනව. ඔයාගෙ සටහන් එක එක මාතෘකා යටතේ tag කරල තියනවනම් ගොඩක් හොඳ ප්රතිඵල ගන්න පුලුවන්.
මල්ලී, ලේබල් කලා...
ReplyDeleteබලමුකෝ... එහෙම රැන්ඩම්ලි සිලෙක්ට් වෙනවා නම් මම කැමතියි...
උදව් වලට ස්තූතියි..
මාත් මේක පාවිච්චි කරනවා...හොද භාණ්ඩයක් ;-)
ReplyDeleteස්තූතියි ගොඩක් වටිනවා......
ReplyDeleteබොහොම ස්තූතියි. මේක අපට ගොඩක් ප්රයෝජනවත් වෙයි.
ReplyDelete@ LG, සම්පත්, Sujeewa
ReplyDeleteබොහොම ස්තුතියි ප්රතිචාර වලට.
මලයෝ, මට දැන් මේ ගැජට් එක ඕනේ කරලා තියෙන්නේ, පෝස්ට් එක යටට නෙමෙයි පැත්තට..
ReplyDeletesettings වලින් කොතන ඉන්දෙව්වත් මේක පෝස්ට් එක යටටමනේ යන්නේ? මේක වෙනස් කරන්නේ කොහොමද?
මේකට පින්තුරයක් දාගන්නේ කොහොමද
ReplyDelete@ පිස්සා,
ReplyDeleteතියන ගැජට් එක ගලවල අලුතෙන්ම දාල බැලුවද? පැත්තෙන් දාන්න ඔයාගෙ side-bar එකේ width එක මදිද දන්නෑ.
@ Kasun,
පින්තූර එන්නෙ අපේ සටහනෙන්මයි, එව්ව අපිට වෙනස් කරන්න option එකක් නෑ. Auto suggest කරන සටහන් වැඩි ගානකම පින්තූර නැත්නම් text link එකක් විතරයි පෙන්නන්නෙ.
කියලා වැඩක් නැහැ වැඩෙ හොදට යනවා...
ReplyDelete@ Tera,
ReplyDeleteස්තුතියි ප්රතිචාරයට !
මේක homepage එකෙත් එකින් එකටම එනවනෙ.
ReplyDeleteඑහෙම නැතුව පොස්ට් එකට විතරක් දාගන්න බැරිද
වැඩේ ගොඩ මචන් පට්ට ගති... තව දාපන්
ReplyDelete