Friday, January 8, 2010

Windows මුර පදය අමතක වුනොත් ගොඩදාන හැටි

අදනම් පොඩි පොඩි දේවල් වලින් කියන්න යන්නෙ ටිකක් ලොකු දෙයක් ගැන. මුලින්ම කියන්න ඕන මේ දේ වැරදි විදිහට පාවිච්චි කරන්න ඔට්ටු නෑ කියල. මම කියන්න යන්නෙ Windows වල මුර පදය අමතක උනොත් recover කරගන්න විදිහක් ගැන. මටත් මේක ගැන හොයන්න ඕන උනේ යාළුවෙක්ට වෙච්ච ඒ වගේ අකරතැබ්බියක් හින්ද. Windows කිව්වම ඉතින් ජාති ගොඩක් තියනවනෙ, මම බලපු site එකේනම් තිබ්බෙ මෙන්න මෙහෙම,

Tested on: NT 3.51, NT 4 (all versions and SPs), Windows 2000 (all versions & SPs),
Windows XP (all versions, also SP2 and SP3), Windows Server 2003 (all SPs),
Windows Vista 32 and 64 bit (SP1 also), Window 7 (all variants).
Some say also Windows Server 2008 is OK

හැබැයි ඕං මම කරල බැලුවෙනම් Windows XP SP_2 වල. නැත්නම් කට්ටිය අත්හදා බලල වැඩ කරන්නෙ නැතුව ගියොත් මට වලක් කපාගන වැලලෙන්නයි වෙන්නෙ.

මේවගේ වෙලාවට මුලින්ම බලන්න ඕන Default Administrator Account එකේ මුර පදයක් නැද්ද කියල, ඒකට logging window එකේදි Ctrl + Alt + Delete දෙපාරක් ඔබල user name එකට Administrator කියල දීල මුර පදය නැතුව ඇතුලට යන්න පුලුවන්ද බලන්න. ( Safe Mode එකෙදි මේ Default Administrator Account එක logging window එකේ පෙන්වනව, Safe Mode යන්න Windows logo එක පේන්න කලින් F8 ඔබන්න ). ඒකෙ මුර පදයත් මතක නැත්නම් ඉතින් මේ විදිහට තමයි ගොඩ ගන්න වෙන්නෙ. මේ වැඩේට අපිට Bootable CD එකක් හදා ගන්න වෙනව. මම කියන්නම්කො කරන පිළිවෙල.

වැදගත් :
මේ විදිහට recover කළායින් පසුව කලින් තිබුනු encrypted files කියවීමට නොහැකි වේ,
අන්තිම පියවරේදි read only file system කියල error එකක් එනවනම් Safe Mode එකට ගිහින්
log in window එක ආපුවාම Shut Down කරල නැවත උත්සහ කරල බලන්න.
මොකද කලින් පාර හරියට Shut Down වෙලා තිබ්බෙ නැත්නම් අවුල්.

1. මෙතනින් ISO Image එක බාගන Active ISO Burner වගේ මෘදුකාංගයක් පාවිච්චි කරල CD එක burn කරගන්න.

2. ඊට පස්සෙ මුර පදය අමතක වෙච්ච මැසිම ඒකෙන් boot කරන්න. ( මෙහෙම කරන්නනම් first boot device එක CD-ROM විදිහට BIOS වල දීල තියෙන්න ඕන, ඒකට මැසිම on වෙනකොටම DEL ඔබල BIOS ගිහින් first boot device එක CD-ROM දෙන්න )

3. දැන් තියෙන්නෙ එන උපදෙස් පිළිපදින එක තමයි. සම්පූර්ණ විස්තරයක් මෙන්න මෙතන තියනව. මේක බාගන printout එකක් අරන් හිටියොත් වඩාත් හොඳයි. මේකෙදි සාර්ථකම ක්‍රමය කියන්නෙ Administrator Account එකේ මුර පදය එක හිස් කරන එක. මෙතෙන්ට ගිහින් වැඩි විස්තර ඕනනම් බලාගන්නකො.

වැරදි කෙනෙක්ට ගියොත්, අපි බේරෙන්නෙ කොහොමද ?

මේකත් කියන එක ඇඟට ගුණයි කියල මට හිතුන. උඩ තියන මෘදුකාංගය USB Pen Drive එකක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හින්ද මේ වගේ දෙයක් වැරදි විදිහට පාවිච්චි කරන කෙනෙක්ගෙන් බේරෙන්න තියන විදිහ තමයි first boot device එක Hard Disk කරල BIOS වලට මුර පදයක් දාන එක. හැබැයි Mother Board එකේ බැටරිය ගැලෙව්වහම ඒකත් නැති වෙනව. ඒකට විසඳුම තමයි මෙන්න මේක.


කොහොමද හොඳයි නේද? එහෙනම් ඉතින් මම දැන් යනව. ඔබට ජය !

12 comments:

  1. meka sira machan

    but, apita boot seq eka change karanna barinam ithin case neda???

    ReplyDelete
  2. දැන් නම් ඉතින් වින්ඩෝස් මට වැඩක් නැහැ ඔක්කොම ඉතින් දැන් උඩුබුන්ටු තමයි. එත් කමක් නැහැ කවදා හරි ඔනවෙයි.

    ReplyDelete
  3. Try ORPHACK

    ReplyDelete
  4. ඔය වැඩෙ 2 3 න් පාරක් මාත් ක‍රල තියෙනවා.එත් තාම අවුලක් නම් වෙලා නැ.මොනවා උනත් ශොක් වැඩක් :D

    ReplyDelete
  5. @ බිඟුවා,
    ප්‍රතිචාරයට ස්තූතියි !
    ඔව් හැබැයි, boot seq වෙනස් කරන්න බැරිනම් වෙන විදිහක් බලන්න වෙනව.

    @ වැප්,
    ආයෙත් වැප් දකින්න ලැබීම සතුටක්.
    ඒක ඇත්ත,කොයි වෙලේ මොනව ඕන වෙයිද දන්නෙ නැති හින්ද දැනගන තියාගත්තහම ඇඟට ගුණයි.

    @ Nalaka,
    ප්‍රතිචාරයට ස්තූතියි, මම හොයල බලන්නම්.

    @ උදිත්,
    ප්‍රතිචාරයට ස්තූතියි !!!

    ReplyDelete
  6. Encrypted files ගොඩ ගන්න පොඩි කකුල් මාට්ටුවක් තියෙනවා. ඒක කරන්නෙ Windows Backup Utility එකෙන්. Systematic විධියක් දන්නෙ නෑ. දෙපාරක් සාර්ථක ප්‍රතිපල ලබලා තියෙනවා.

    අන්තිම පිංතූරෙ නං සහසුද්ධෙන්ම ඇත්ත. තවත් හොඳට ආරක්ෂා කරගන්න නං network එකත් disconnect කරලා කාමරේකට දාලා දොර වහන්න ඕනෑ. :D

    ReplyDelete
  7. @ ශාකුන්තල,
    එල එල, දැනුවත් කලාට ගොඩක් පිං.
    සහතික ඇත්ත, සමහර විට මේ වෙලාව වෙද්දිත් අපි දන්නෙම නැතුව අපේ පෞද්ගලිකත්වය අන්තර්ජාලයෙ විකිණෙනව වෙන්න පුළුවන්.

    ReplyDelete
  8. OphCrack පාවිච්චි කරපන්.

    ReplyDelete
  9. @ H. Madhawa Ranga,
    ස්තූතියි, මම බලන්නම්.

    ReplyDelete
  10. මෙකෙ iso image එක එන්නෙ winrar එකක් විදියට. එක burn කරනකොට ඒ winrar file එකම burn කරනවද? නෑත්නම් ඒක achive කරල ඈතුලෙ තියෙන files burn කරනවද??????????plz tell

    ReplyDelete
  11. @ Anonymous,
    Active ISO Burner වගේ මෘදුකාංගයක් පාවිච්චි කරල iso image එක CD එකකට burn කරගන්න. නැතුව හරියන්නෙ නෑ.

    ReplyDelete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails