Wednesday, December 23, 2009

Windows මකපු GRUB2 ගොඩදැමීම ( බාගෙට )

කට්ටියට මතකයිනෙ මට වෙච්ච ඇබැද්දිය, Ubuntu 9.10 තිබිච්ච මැසිමට Windows XP_sp2 දාන්න ගියාම GRUB එක load වෙන්නෙ නැතුව ගියානෙ. Ubuntu 9.10 වල තියෙන්නෙ GRUB2 හින්ද පරන විදිහට ගොඩයන්නත් බෑනෙ. මම ඉතින් මගෙ දුක කියල දාපු මේ සහහනට ගොඩක් අය ප්‍රතිචාර දක්වල තිබුන. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ ප්‍රතිචාර වල තිබිච්ච දේවල්වලයි Google ගෙයි සරණයි කියල හිතාගන මම ඊයෙ රෑම වැඩේට බැස්ස.

මම ටිකක් රෑ වෙලා තමයි වැඩේ පටන් ගත්තෙ. එක එක ජාතියෙ forum , web site වල රස්තියාදු වෙලා ඒ වෙනකොටත් හොඳ පන ගිහින් තිබුනෙ. කොහොම හරි අන්තිමට මේ පහල තියන විදිහට errors නැතිව GRUB එක ආයෙ දාගන්න පුලුවන් උනා. බලන්නකො විස්තරේ, මම ඉතින් Ubuntu වලට අලුත් හින්ද සමහර දේවල් නම් වැඩිය තේරුනේ නෑ.

ඊට පස්සෙ මම මැසිම reboot වෙනකන් බලාගන හිටිය. හෙට උදේට වැඩට යන්නත් ඕන හින්ද වැඩේ හරි ගියෙ නැත්නම් පස්සෙම කරනව කියල හිතාගත්ත. මොකද ඒ වෙනකොට රෑ 12 ත් පැනල. මම නිදි මතේ monitor එක දිහාබලාගන ඉද්දි මෙන්න බොලේ GRUB එක load උනා, මට මාර happy. මොකද අමාරුවෙන් වැඩක් ගොඩ දම්මම මාර ආතල් එකක් එක්නවනෙ. නිදි මතත් කොහේ ගියාද නෑ. ඊට පස්සෙ දඩබඩ ගාල Ubuntu වලට ගිහින් බැලුව වැඩද කියල, බබා වගේ වැඩ.

දැන් කට්ටිය බලනව ඇති වැඩනම් මොකද මේ සටහනේ මාතෘකාවෙ බාගෙට කියල කෑල්ලක් දාල තියෙන්නෙ කියල. දැන් තමයි හොඳම හරිය, මට අමතක උනානෙ XP වැඩද කියල බලන්න. ඒකත් බලන්න ඕන හින්ද තව පාරක් boot කලා. List එකෙන් Windows තෝරල enter ගහපු ගමන් ආවෙ මේ පහල තියනව වගේ error එකක්.
error : No such device 26856233...

Press any key to continue ...
කට්ටියට මතකයිනෙ මේක අපේ Hostel Room එකේ මැසිම. දැන් ඉතින් අද හවසට හොඳට අහගන්න පුලුවන්. තවම කවුරුත් දන්නෙ නෑ සිද්දිය. කමක් නෑ මමත් වැඩේ අත හරින්නෙ නෑ. මේ වගේ case එකක් ගොඩදාපු කෙනෙක් ඉන්නවනම් කියන්න ඕන හොඳද. මේ සටහනත් මෙතනින් ඉවරයි. ඔබට ජය !

3 comments:

  1. Windows තියෙන partition එක format කළාද? Format කළාම UUID (Universal Unique Identifier) වෙනස් වෙනවා.

    යන්න Ubuntu වලට; දෙන්න මේ command එක:
    ls -l /dev/disk/by-uuid/

    වින්ඩෝස් තියෙන parittion එකට අදාළ UUID එක හොයාගෙන ඒක /boot/grub/grub.cfg ගොනුවේ අදාළ තැන (26856233... වෙනුවට) සඳහන් කරන්න. නිශ්චිත උත්තරයක් දෙන්න බැහැ මම GRUB2 පාවිච්චි නොකරන නිසා.

    ReplyDelete
  2. @ ශාකුන්තල,
    බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.
    format කළා. මම හිතන්නෙ ඔය විදිහට කළානම් වැඩේ ගොඩයන්න තිබ්බ. ඒත් මට ඉක්මනට විසඳුමක් හොයාගන්න බැරි වෙච්ච හින්ද ආයෙත් Ubuntu 9.10 දැම්ම.

    ReplyDelete
  3. this will help u. i think this is too late
    http://ctechzone.blogspot.com/2010/03/windows-ubuntu-grub2grub-install.html

    ReplyDelete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails