පොදු පරිඝණක පාවිච්චි කරන ගොඩක් වෙලාවට අපිට එන ප්‍රශ්ණයක් තමයි වැඩක් කරගන්න ගියහම ඕන කරන මෘදුකාංග ස්ථාපනය කරල නැති එක. ගොඩක් වෙලාවට ඒ වගේ පරිඝණක වල admin බලතලත් අපිට නෑනෙ, ඉතින් ඒක හින්ද මෘදුකාංග ස්ථාපනය කරන්නත් බෑ. මේ වගේ වෙලාවට ඉතින් අපේ පිහිටට ඉන්නෙ Portable Applications තමයි.
අද මම කියන්නෙ ඒ වගේ Portable Applications එකතුවක් තියන PortableApps.Com කියන site එක ගැන. අද වෙනකොට ගොඩක් දෙනා අතර ප්‍රසිද්ධ Portable Firefox හදල තියෙන්නෙත් මේ ගොල්ලො තමයි. මේ site එකෙන් අපිට free and open source මෘදුකාංග ගොඩාක් බාගන්න පුළුවන්. මෙව්ව USB flash drive, iPod, memory card සහ portable hard drive වගේ ඕන එකක දාගන වැඩ කරගන්න පුළුවන්. මෙන්න තියනව එව්වගෙන් ටිකක්,
Mozilla Firefox, Portable Edition - සම්මාන දිනූ Web Browser එක
GIMP Portable - Photo සහ Image Editing වලට
VLC Media Player Portable - ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් Media Player එකක්
OpenOffice.org Portable - Microsoft අනුකූලතාව සමගින්
7-Zip Portable - File Archiving සහ Compressing වලට
InfraRecorder Portable - CD සහ DVD Burn කරගන්න
XAMPP - Apache, mySQL, PHP, phpMyAdmin
අපිට ඕන කරන දේ හොයාගන්න පහසු වෙන්න Accessibility, Development, Education, Games, Graphics & Pictures, Internet, Music & Video, Office, Operating Systems සහ Utilities වශයෙන් විස්තර සහිතව වර්ගීකරණයක් තියන මේ (Applications) පිටුව බලන්නකො.
මේ මෘදුකාංග එකක්වත් limited එව්වවත් trial version වත් නෙමෙයි, පාවිච්චි කරන්න අමතර මෘදුකාංග, දෘඩාංග ඕන වෙන්නෙත් නෑ. ඔයාට තියෙන්නෙ බාගෙන පාවිච්චි කරල යාළුවන්ටත් දෙන එක. ඔන්න ඔහොමයි admin ගෙ ගණන් බලන්නැතුව වැඩ කර ගන්නෙ. එහෙනම් අදට මම යනව. ඔබට ජය !
Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts
Wednesday, January 6, 2010
Subscribe to:
Posts (Atom)