Thursday, December 24, 2009

Admin බලතල නැතුව Portable Firefox වලට Flash Player දාමු

අදත් මම කියල දෙන්න යන්නෙ පොඩි වැඩක් කරන හැටි, හැබැයි වැඩේ පොඩි උනාට සමහර වෙලාවට ගොඩක් ප්‍රයෝජනවත්. මේක මට හම්මවුනේ lab එකට වෙලා FaceBook එකේ රස්තියාදු ගහන වෙලාවක. මෙහෙමයි සිද්දිය.

ඒ දවස්වල මට Barn Buddy උණ තිබිච්ච කාලෙ. පොඩි වෙලාවක් හම්බෙච්ච ගමන් කරන්නෙ හොරකමේ යන එක. ඔන්න ඉතින් වෙලාවක් හොයාගන lab එකට ආව පලදාව නෙලාගන්න කියල. කොහෙ නෙලන්නද, මෙන්න කියනව Flash Player එක update කරගන්න කියල. අපිට ඉතින් මෙව්වගෙ admin බලතල නැති හින්ද ඒ වැඩේ හරියන්නෙ නෑනෙ, ඕකට විසඳුමක් හොයද්දි තමයි මට Portable Firefox මතක් උනේ. ඔය වගේ වෙලාවට ඉතින් අපි කාගෙත් පිහිටට ඉන්නෙ Google නෙ. Google ගෙන් අහපුවාම ගොඩදාගන්න විදිහක් හම්බ වුනා. කට්ටියටම දැනගන මම පියවරවල් ටික කියන්නම්කො. හැම දෙනාටම තේරෙන විදිහට ගොඩක් සරළවම කියන්නම්.

1. මුලින්ම මෙතනින් Portable Firefox බාගන install කරගන්න. Admin බලතල නැත්නම් ගොඩක් වෙලාවට C: drive එකට install කරන්න දෙන්නෙ නෑ. එහෙම උනොත් වෙන drive එකකට හරි pen එකකට හරි තමයි install කරන්න වෙන්නෙ.

2. ඊට පස්සෙ මෙතන Right Click කරල "Save Link As" දීල කොහෙ හරි ඉඩ තියන තැනකට බාගන්න.

3. දැන් අර "Save Link As" කියල දීල බාගත්තු එකේ අගට ඇත්තෙ .xpi කියල, ඒක .zip කියල වෙනස් කරන්න. අගට තියන .xpi පෙන්නන්නෙ නැත්නම් Folder Option වල View Tab එකට ගිහින් "Hide extensions for known file types" කියන එක ඉස්සරහින් තියන Mark එක අයින් කරන්න. එතකොට පෙනෙයි.

4. දැන් WinZip හරි WinRAR හරි පාවිච්චිකරල ඒක extract කරගන්න, ඒක ඇතුලෙ ඇති flashplayer.xpt සහ NPSWF32.dll කියල file දෙකක්. අන්න ඒ දෙක copy කරගන්න.

5. දැන් Portable Firefox install වෙලා තියන තැනට යන්න. ඒකෙ App කියන folder එක ඇතුලෙ Firefox කියල තවත් folder එකක් ඇති, ඒකට ගියහම plugins කියල folder එකක් හොයාගන්න පුළුවන් වෙයි, අන්න ඒක ඇතුලට copy කරගත්තු files දෙක paste කරන්න.

දැන් වැඩේ ඉවරයි, Portable Firefox restart කරල බලන්නකො. පොතේ හැටියටනම් ගොඩ ගිහින් තියෙන්න ඕන. අවුල් තියනවනම් අහන්නකො. එහෙනම් මේ සටහන දැන් ඉවර කරන්නයි යන්නෙ. කියවල බලල ප්‍රතිචාරයක් දෙන්නත් අමතක කරන්න එපා හොඳද. ඔබට ජය !

9 comments:

  1. එල ලිපිය අයියා.....
    හැබැයි බාන් බඩී නම් වැඩිය ගහන්න එපා ඒක කාලය කන වැඩක්

    ReplyDelete
  2. ඔය වැඩේට ඕනෙ npswf32.dll කියන library file එක විතරයි. මෙන්න මෙතනින් ඒ file එක කෙලින්ම බාගෙන ඉහත ලිපියෙ 5 වෙනි උපදෙසේ කියලා තියෙන තැනට paste කළා නම් එච්චරයි.

    ReplyDelete
  3. @ සිතිජ සහන්,
    ස්තූතියි, මල්ලි නියම වැඩකාරයෙක්නෙ.

    @ ධනික,
    ඒක ඕන කියන්නෙ scripting support වලට, මටත් ඒක ගැන එච්චර දැනුමක් නෑ.

    ReplyDelete
  4. මම හිතන්නෙ මෙච්චර දුක් විඳින්නෙ නැතුව portable FF වලට කෙලින්ම flash දාන්න පුළුවන්.
    ඒ උනාට මේක හරිම කරදරයක් වෙලා තියෙන්නෙ, අපේ ලැබ් එකේ වැඩක් කරගන්න බෑ, අපේ උන් barn buddy, farm town, farm villa, pet society, etc එක එක fb games ගහනව. වැඩක් කරන්න machine එක ඉල්ලුවත් ගන්න ලේසි නෑ. මම සමහර වෙලාවට හොරෙන් flash අයින් කරනව.

    ReplyDelete
  5. @ Madhawa,
    Admin නම් ගේමක් නෑ.
    ඒකනම් ඇත්ත, දැන් ඔව්ව කරදරයක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  6. ඵල! ස්තැතියි!

    ReplyDelete
  7. ඇත්තටම මොකාද්දෑ ඔය Portable Firefox කියන්නේ.

    ReplyDelete
  8. ඒක zip කරන්න බෑනේ.............

    ReplyDelete
  9. @ ජයන්ත,
    අගට තියන .xpi පෙන්නන්නෙ නැත්නම් Folder Option වල View Tab එකට ගිහින් "Hide extensions for known file types" කියන එක ඉස්සරහින් තියන Mark එක අයින් කරන්න.
    ඊට පස්සෙ වෙනස් කරන්න

    ReplyDelete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails