Tuesday, December 29, 2009

LinkWithin, ලියන සටහන් කියවන අයට පේන්න තියන්න

බ්ලොග් ලියන කවුරුත් වගේ දන්නවනෙ ඉතින් ලෝකෙ නැති වැඩ අස්සෙ වෙලාවක් හොයාගන අලුත් සටහනක් බ්ලොග් එකට ලියල දාන්න තියන අමාරුව. හැබැයි ඉතින් ඒ දාපු සටහන කියවල කට්ටිය දෙන ප්‍රතිචාර කියවද්දි දැනන සතුටත් වචන වලින් කියන්න බැරි තරම්. අද මම කියන්න යන්නෙ අපි අමාරුවෙන් ලියන සටහන ගොඩක් කියවන කට්ටිය අතරට යවාගන්න පාවිච්චි කරන්න පුලුවන් පොඩි ගැජට් එකක් ගැන.

මේකට කියන්නෙ LinkWithin කියල. ගොඩක් කට්ටිය නම කියපු ගමන් දන්නව ඇති. තවමත් මේ ගැජට් එක දාගන නැති කට්ටියට කියන්නම්කො විස්තරේ. මේකෙන් වෙන්නෙ අපි ලියන සටහන යටින් තවත් අපි කලින් ලියපු සටහන් ටිකක් එව්වගෙ තියන පින්තූරෙකුත් එක්ක ලස්සනට පෙන්වන එක. පහළ තියන රූපෙ බැලුවොත් සිද්දිය පැහැදිළි වෙයි.



මේ ගැජට් එක free එකක්, ඒ වගේම මේක අපේ බ්ලොග් එකට දාගන්න ලොකු ගේමක් දෙන්න ඕනත් නෑ. Register වෙන්න ඕනත් නෑ. ඔයාට කරන්න තියෙන්නෙ බ්ලොග් එකට ලොග් වෙලා මෙතනට (LinkWithin Site) ගිහින් ගැජට් එක දාගන්න එක විතරයි.

ඔයාගෙ බ්ලොග් එක Blogger බ්ලොග් එකක්නම් දැම්මට පස්සෙ Layout page එකට ගිහිල්ල Blog Posts කියන Gadget එකට යටින් මේ අලුත් Gadget එක දාන එක තමයි ගොඩක් හොඳ. හැබැයි ඒකෙ default title එක එන්නෙ "You might also like:" කියල. ඒක සිංහලෙන් දාන්නනම් පහළ තියන code එක Gadget එකේ edit mode එකට ගිහින් paste කරන්න. රූපෙ බැලුවොත් පැහැදිළි වෙයි.

<script>linkwithin_text='මෙව්වත් කියවල බලන්න :'</script>



ප්‍රශ්ණ තියනවනම් ඒ කට්ටියගෙන්ම අහන්නත් පුලුවන්. දාල බලල අල්ලන්නෙ නෑ වගේනම් අයින් කරල දාන්න තියෙන්නෙ. කෝකටත් දාගනම බලන්නකො. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

24 comments:

  1. හොය හොය හිටපු අය්ටම් එකක්.. බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. Shaa. . . niyami machan . . maath hoya hoya hitapu gadget ekak . . .. thankooo wenan ona meka dammata . . ..

    ReplyDelete
  3. tnx machan . . .onna mamath damma . . welawaka gihin balannko . .. thank you very much machooo. .. ..

    ReplyDelete
  4. මාත් දැම්මෝ...
    උඹට පින් මල්ලී !!!

    ReplyDelete
  5. හරිම වටින tool එකක්. නමුත් wordpress වලට දාන්න බෑ.

    ReplyDelete
  6. @ Gayan, දුකා, පිස්සා
    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට.
    Default title එක (You might also like:) සිංහලෙන් දාන්න, එතකොට තවත් පට්ට.

    @ Rajeen,
    ඒක තමයි පොඩි අවුලකට තියෙන්නෙ. Self-hosted wordpress blog වලට විතරයි දාන්න පුලුවන්.

    ReplyDelete
  7. එළ එළ
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  8. මමත් හොය හොය හිටිය එකක් තමයි මේක. නියමයි ඉස්සරහට තව වැඩ කියලා දෙන්න.

    ට පොඩි ගැටළුවක් තියෙනවා පුළුවන් නම් උත්තරයක් දෙන්න.
    Rss feed සේවාව google feedburner.com සේවාවෙන් ලබා ගැනීමේදී ඔවුන් කිසියම් දත්ත සීමාවකට යටත්වද මෙම සේවාව ලබා දෙන්නේ.මගේ බ්ලොග් එකට පොඩි අවුලක් අවා ඒකයි ඇහුව්වේ.

    ReplyDelete
  9. වැඩේ ගොඩ.. ඔන්න මමත් දැම්මා.ඔත්තුව දුන්නට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  10. ඔන්න මාත් දාගත්තා... අපි වගේ වැඩ කිඩ නොදන්න අයට මේ වගේ ඒව කියා දෙන එක ලොකු පිනක්... තැන්කූ වේවා...!

    ReplyDelete
  11. මල්ලී, තව අවුලක් තියෙනවා මචං..
    ඇයි තෝරා ගත් බ්ලොග් ටිකක විතරක් blog post ඒකින් පෙන්වන්නේ? ඒ කිව්වේ පෝස්ට් 27ක් තියෙනවා නම්, ඒවා රැන්ඩම්ලි තැනින් තැන පෙන්වන්න බැරිද ඒකින්?

    මොකද මගේ බ්ලොග් 5ක විස්තර තමයි, තැනින් තැන කැරකෙන්නේ... අනේ ඒකටත් මුකුත් කියහංකෝ....

    ReplyDelete
  12. @ thiraya, සිංහ, ප්‍රියන්ත
    ගොඩක් ස්තුතියි ප්‍රතිචාර වලට.

    @ 3dsmax-si,
    මම දන්න තරමින්නම් එහෙම නෑ. සමාවෙන්න ඕන feedburner පාවිච්චි කරන්නෙ නැති නිසා හරියට උත්තරයක් දෙන්න බෑ.

    @ පිස්සා,
    මෙහෙමයි අයිය, තවම දාපු ගමන්නෙ. පොතේ හැටියට ටික දවසකින් හරියන්න ඕන. මොකද ඒ ගොල්ලන්ට අපේ බ්ලොග් එකේ සටහන් index කරන්න දවසක් දෙකක් යනව. ඔයාගෙ සටහන් එක එක මාතෘකා යටතේ tag කරල තියනවනම් ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්.

    ReplyDelete
  13. මල්ලී, ලේබල් කලා...
    බලමුකෝ... එහෙම රැන්ඩම්ලි සිලෙක්ට් වෙනවා නම් මම කැමතියි...
    උදව් වලට ස්තූතියි..

    ReplyDelete
  14. මාත් මේක පාවිච්චි කරනවා...හොද භාණ්ඩයක් ;-)

    ReplyDelete
  15. ස්තූතියි ගොඩක් වටිනවා......

    ReplyDelete
  16. බොහොම ස්තූතියි. මේක අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
  17. @ LG, සම්පත්, Sujeewa
    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට.

    ReplyDelete
  18. මලයෝ, මට දැන් මේ ගැජට් එක ඕනේ කරලා තියෙන්නේ, පෝස්ට් එක යටට නෙමෙයි පැත්තට..
    settings වලින් කොතන ඉන්දෙව්වත් මේක පෝස්ට් එක යටටමනේ යන්නේ? මේක වෙනස් කරන්නේ කොහොමද?

    ReplyDelete
  19. මේකට පින්තුරයක් දාගන්නේ කොහො‍මද

    ReplyDelete
  20. @ පිස්සා,
    තියන ගැජට් එක ගලවල අලුතෙන්ම දාල බැලුවද? පැත්තෙන් දාන්න ඔයාගෙ side-bar එකේ width එක මදිද දන්නෑ.

    @ Kasun,
    පින්තූර එන්නෙ අපේ සටහනෙන්මයි, එව්ව අපිට වෙනස් කරන්න option එකක් නෑ. Auto suggest කරන සටහන් වැඩි ගානකම පින්තූර නැත්නම් text link එකක් විතරයි පෙන්නන්නෙ.

    ReplyDelete
  21. කියලා වැඩක් නැහැ වැඩෙ හොදට යනවා...

    ReplyDelete
  22. @ Tera,
    ස්තුතියි ප්‍රතිචාරයට !

    ReplyDelete
  23. මේක homepage එකෙත් එකින් එකටම එනවනෙ.
    එහෙම නැතුව පොස්ට් එකට විතරක් දාගන්න බැරිද

    ReplyDelete
  24. වැඩේ ගොඩ මචන් පට්ට ගති... තව දාපන්

    ReplyDelete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails