Sunday, December 27, 2009

JQuery, පොඩ්ඩක් ලියල වැඩ ගොඩක් දාන්න

නත්තලුත් ඉවරයි, දැන් ඉතින් ආයෙත් වැඩ. අද මම කියන්න යන්නෙ Web Site හදන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. හැමෝම දන්නව ඇතිනෙ JavaScript ගැන. අපිට ගොඩක් වෙලාවට JavaScript වලින් එක ඒක ජාතියෙ වැඩ කරගන්න පුලුවන්නෙ. JQuery කියන්නෙත් අන්න ඒ වගේ JavaScript Library එකක්. මෙතනදි තියන විශේෂත්වය තමයි JQuery පාවිච්චි කරල අපිට පුලුවන් පොඩි code කෑල්ලක් ලියල ලොකු වැඩක් කරගන්න.

ඊලඟට තියන වැදගත්ම දේ තමයි මේක free and open source වීම. ඇත්තටම අද වෙනකොට JQuery ලෝකෙ තියන ජනප්‍රියම JavaScript Library එක වෙලාතියනව, ඒකට මෙන්න මේ දේවල් උදව් වෙලා තියනව.

1. Lightweight - Link කරන්න ඕන file එක 19KB තරම් කුඩා එකක් වීම.
2. Cross-browser - දැනට තියන ඕනැම browser එකක අවුලක් නැතිව වැඩ කිරීම.
3. CSS3- Compliant - CSS අනුකූලතාවය.

JQuery පාවිච්චි කරල අපිට Document Navigating, DOM Element Selecting , Creating Animations, Event Handling සහ Ajax Development වගේ දේවල් ගොඩාක් ලේසියෙන්ම කරගන්න පුලුවන්. වැඩි කතා ඕන නෑ, මේ උදාහරණ ටික බලන්නකො.

1. AJAX Interface using JQuery/PHP
2. Create an Accessible Slideshow Using jQuery
3. JQuery Photo Slider with Semi Transparent Caption
4. Create a Vertical Scrolling Menu with Tooltips

ඔය තියෙන්නෙ කරගන්න පුලුවන් වැඩ වලින් චූට්ටක් විතරයි. ඔය හැම දෙයක්ම කරගන්න අපිට කරන්න තියෙන්නෙ එක JavaScript file එකක් අපේ site එකට link කරගන්න විතරයි. JQuery site එකට ගිහින් ඒක බාගන්න පුලුවන්. තව උදාහරණ ගොඩක් මෙතනින් බලාගන්න පුලුවන්. මුලින්ම මේක බලල ඉන්න එක තමයි වඩා හොඳ.

එහෙනම් මේ සටහනත් ඉවරයි. ඉස්සරහට කියන්නම්කො JQuery පාවිච්චි කරල කරල තියන තවත් වැඩ. ඔන්න කියවල බලල ප්‍රතිචාරයක් දෙන්නත් අමතක කරන්න එපා හොඳද. ඔබට ජය !

11 comments:

  1. හොඳ සටහනක්.. දිගටම ලියන්න :) JQuery එක්ක ඒ මත හැදුන තව framework තියෙනවා. ඒවා ගැනත් ලියන්න.

    ReplyDelete
  2. Thanks for Tutorials දිගටම ලියන්න

    ReplyDelete
  3. @ chamila, MANJU
    ස්තූතියි ප්‍රතිචාර වලට. දිගටම ලියන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

    ReplyDelete
  4. ගින්දර තමයි. තව මෙවගේ නිදහස් එවා තියනවා එවාගැනත් උදා සමඟ අලුත් ලිපියකට එකතුකරන්න.

    ReplyDelete
  5. එල එල, මාත් javascript ටිකක් ඉගෙන ගෙන යනකොට තමයි jquery ගැන දැනගත්තෙ. ඒත් ඉගෙන ගන්න බැරිවුණා. javascript දැනුමක් නැතුවත් jquery පාවිච්චි කරන්න පුළුවන්ද?

    ReplyDelete
  6. @ වැප්, änthräX
    ස්තූතියි ප්‍රතිචාර වලට, ඉස්සරහට දෙන්නම්කො උදාහරණත් එක්කම.

    @ තමීර,
    JavaScript දන්නවනම් හොඳයි,
    W3Schoolsවලින් JavaScript ලේසියෙන්ම ගොඩදාන්න පුලුවන්.
    HTTrack පාවිච්චි කරල site එකම බාගන ඉගෙනගන්න.

    ReplyDelete
  7. උපරිම
    දිගටම කරගෙන යන්න
    Jquery වෑඩියෙන් දාන්න

    ReplyDelete
  8. @ චතුර ජීවන්ත,
    ස්තූතියි ප්‍රතිචාරයට !

    ReplyDelete
  9. ගොඩ්ක් ප්‍ර‍යොජ්නවත් ලිපියක්.
    දිගටම ලියන්න...
    ජය වේවා...!

    ReplyDelete
  10. @ Geethanga,
    ප්‍රතිචාරයට ස්තූතියි !

    ReplyDelete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails