Tuesday, December 22, 2009

Ubuntu 9.1 ආගිය අතක් නැත, සොයාදෙන්න

මම මගෙ මැසිමට Ubuntu 9.1 සහ Windows_XP_sp2 දෙකම දාලයි තිබුනෙ. Windows වලට virus එකක් ගිහින් ගොඩගන්න බැරිම තැන ලඟදි format පාරක් දැම්ම.

කලිනුත් Ubuntu තියෙද්දි Windows තිබිච්ච drive එක format කරල GRUB එක ආයෙත් setup කලහම ගොඩ ගිය හින්ද මේපාරත් Ubuntu Live CD එක දාල වැඩේට බැස්ස.

වෙනද වගේම root ට ගිහින් sudo grub ගහපු ගමන් කියාපි එහෙම එකක් නෑ කියල, Google ගෙන් ඇහුවත් හරිහමන් උත්තරයක් හොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නවනම් GRUB එක ගොඩගන්න උදව්වක් දෙන්න. ඔබට ජය !

8 comments:

  1. මම නම් දන්නේ නෑ.. :-(

    ReplyDelete
  2. Ubuntu is using grub 2 as default after Karmic Koala. So the old way would not work for the new one.
    I have this link that i can give you but apperantly i cannot paste anything here :S

    Anyway try searching for 'how to get grub 2 back after installing windows' or somthing along those lines in good 'ol google and you will be able to find a solution.

    ReplyDelete
  3. @ LG,
    තව ටිකක් ඉවසල බලල ආයෙත් දානව.

    ReplyDelete
  4. @ Anonymous,
    Thanks indeed, Is this what you mean?

    http://www.ubuntu-inside.me/2009/06/howto-recover-grub2-after-windows.html

    I think there is a problem when you are going to comment as Anonymous in embedded comment box with Firefox 3.03, If you use different browser you can paste things.

    ReplyDelete
  5. ubuntu 9.10 වල grub 2 beta තියෙන්නෙ. ඒ නිසා grub legacy වල වගේ grub command එක වැඩ කරන්නෙ නෑ. 9.04 CD එකක් යොදාගෙන උත්සාහ කරල බලන්න.

    ReplyDelete
  6. මෙතනට ගියා නම් ඉක්මන් උත්තර ලැබෙයි.
    http://groups.google.com/group/techkatha

    ලේසි ක්‍රමය: මං වගේ මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන්න. වින්ඩෝස් ඕනෙම නම් VirtualBox

    අමාරු ක්‍රමය: කෙහෙල්මල් වින්ඩෝස් බූට්ලෝඩරයෙන් විනාශ කරදැමුණු GRUB එකක් හදල දෙන්න කියල එක වතාවක් මට යාළුවෙක්ගෙන් ඉල්ලීමක් ආවා. ඒකත් GRUB2. මම GRUB ආශ්‍රිත විධාන වල man පිටු කියවලා විනාඩි 20ක විතර කාලයක් අරගෙන වැඩේ කරල දුන්නා. හැබැයි දැන් නම් මතක නෑ. apropos grub විධානය දීල පොඩ්ඩක් පරීක්ෂා කරල බලන්න. It's not tough. :-)

    ReplyDelete
  7. @ සුසිත රවින්ද,
    එහෙම ඔට්ටුද? මොනවහරි කරල බලන්නම්කො.

    ReplyDelete
  8. @ ශාකුන්තල,

    Techකතා වලට දාන්න ඕන.
    ඇබැද්දිය උනේ අපේ Hostel මැසිමටනෙ, Windows වල වැඩකරන අයත් ඉන්න හින්ද මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙන්න බෑ.
    Try එකක් දීල බලන්නම්.

    ReplyDelete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails