Friday, January 15, 2010

Gmail වලට ආපු අලුත් වැඩ කෑලි

ඔයගොල්ලො දැනටමත් දන්නව ඇතිනෙ Gmail වලට අලුත් අලුත් වැඩ කෑලි ගොඩක් ඇවිත් තියනව කියල. Google's approach to email පිටුවට ගියොත් ඔයාට පුළුවන් ඒ දේවල් බලාගන්න. මම කියන්න යන්නෙ මේ ගැජට් අතරින් දාගත්තොත් කෝකටත් හොඳයි කියල හිතුන එකක් ගැන. මේක ඔය අමත්ක වෙන ලෙඩේ සහ වරදින ලෙඩේ තියන කට්ටියට පට්ට ගැජට් එකක්. ගැජට් එකේ නම තමයි Undo Send.

මේකෙන් කරන්නෙ mail එක යවල තත්පර කිහිපයක් යනකන් අපිට ඒක යවන එක නවත්තන්න අවස්ථාවක් දෙන එක. මේක හදපු අය කියන දෙයක් තමයි, mail එක යවල තත්පර පහක් විතර කාලයක් ඇතුලත අපිට mail එකේ අඩුපාඩුවක් තියනවනම් පේනව කියන එක. උදාහරණයක් විදිහට attach කරන්න අමතක වෙන එක, අකුරු වල සහ ව්‍යාකරණ වල තියන අඩුපාඩු ගන්න පුළුවන්. මම අත්දැකීමෙන් දන්නව attach කරන්න අමතක වෙච්ච වෙලාවට send කරාට පස්සෙ ටක් ගාල මතක් වෙනව attach කලේ නෑ නේද කියල. එතකොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයිනෙ.

ඔයාලට මතකද මම අර කලින් කියල දුන්න Gmail body එකට attach කරන්නෙ නැතුව පින්තූරයක් දාන හැටි. අන්න ඒ විදිහටම Labs වලට ගිහිල්ල මේ Undo Send feature එක enable කරගන්න තියෙන්නෙ.



වෙනද mail එක ගියාට පස්සෙ එන notification එක ඉස්සරහ දැන් Undo කියල link එකක් එයි. රූපෙ බැලුවොත් පැහැදිළිවෙයි. කරල බලල හොඳ නරක ඔය පහළ තියන කොටුවෙ ලියන්නකො. සටහන එහෙනම් මෙතනින් ඉවරයි, ඔබට ජය !

11 comments:

  1. වැදගත් වැදගත් මටත් අමතක ලෙඩෙ තියනවා ... හි හි

    ReplyDelete
  2. හුගක් වැදගත් ලිපියක්..... මටනම් හොදටම අල්ලලා ගියේ අර මේල් එකේ බොඩි එකට ඉමේජ් එකක් දාන එක.

    ReplyDelete
  3. මටත් සමහර දේවල් මතක් වෙන්නෙ send ගැහුවට පස්සෙ තමයි. දැන් ඒකත් හරි.

    ReplyDelete
  4. @සහන්
    ඒක ඇත්ත. Gmail body එකට image දාන එක මටත් ගොඩක් ප්‍රයෝජනයි. හැබැයි බ්ලොග් එකට menu bar එකක් ‍දාන හැටිත් මට නම් බොහොම උදව් වුණා.

    ReplyDelete
  5. ඔව්, ඔය දෙකම ගොඩක් වැදගත්. තව තියෙනවා Forgotten Attachment Detector කියලා ගැජට් එකක්. ඒකෙන් අපේ ලිපිය කියවලා ඇටෑච්මන්ට් එකක් ගැන සඳහනක් තියෙනම් ඒක අපි අමුණලාද කියල බලනවා. Mark as Read ගැජට් එකත් මාර ප්‍රයෝජනයි.

    ReplyDelete
  6. @ වැප්,
    මටත් තියනව, අමතක වෙලා චාටර් වෙලත් තියනව. :(
    @ සහන්
    මටත් කාලයක් තිස්සෙ තිබිච්ච ප්‍රෂ්නයක් තමයි ඒ පින්තූරයක් දාන එක. දැන් වැඩේ ගොඩ.

    ReplyDelete
  7. @ Sujeewa
    මටත් එමම තමයි, ප්‍රතිචාරයට තුති !

    @ තමීර
    දැනුවත් කලාට පිං, මම හොයල බලන්නම් එව්ව ගැන.

    ReplyDelete
  8. ෂා.......... නියමයි නියමයි......

    ReplyDelete
  9. ගොඩක් වැදගත් option එකක් මමත් ඒක ගැන හොයා හිටියේ...ස්තුතියි සාරංග....

    ReplyDelete
  10. @ උදිත්,Tera@®
    ප්‍රතිචාරයට ස්තුතියි !

    ReplyDelete
  11. Thanks for informing...

    ReplyDelete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails