Friday, January 1, 2010

ජීවිතේ මුල් වරට - කවි පෙළක් ලිව්ව මං

ලැබූ නව අවුරුද්ද - ඔබ ඇතුලු සැම දෙනට
සුභම වසරක් වෙන්න - අවසරයි පතන්නට
වෙනසකුත් ඇතිවෙන්න - වසරෙ මුල් සටහනට
අලුත් ලෙසකින් ඔන්න - ලියනවා කියවන්ට

සින්ඩියට එක්වෙලා - තවම මං මාසයයි
අලුත් දේ කියවලා - දැනගත්තු දේ ගොඩයි
මං ලියපු දේ ගැනත් - ලැබුනු අදහස් ගොඩයි
තවත් දේවල් ගොඩක් - ලියන්නට මට හිතයි

බ්ලොග් එකට හිතමිතුරො - හැමදාම එක් වෙයන්
ලියන්නට අලුත්දේ - මගෙ හිතට වැටීයන්
ලියපුවා බලන අය - දිනෙන් දින වැඩි වෙයන්
ප්‍රතිචාර ලියන්නත් - හැමෝටම හිතීයන්

සමාවෙන්නට ඕන - පාඩමක් නෑ ඕං
අලුත් පාඩම් පෙළක් - ඉදිරියෙදි ගේන්නං
ජීවිතේ මුල් වරට - කවි පෙළක් ලිව්ව මං
ගලපගන කියවාල - හොඳ නරක කිව්වනං

12 comments:

  1. නියමයි. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. හොඳ උත්සාහයක් මචං! තව ලියමු! සුභ අළුත් අවුරුද්දක් වේවා! ....

    ReplyDelete
  3. ප්‍රතිචාර ලියන්නත් - හැමෝටම හිතීයන්

    එහෙම හිතුනු එකෙක්.....

    ReplyDelete
  4. @ Nadeeka, වැප්
    ගොඩක් ස්තූතියි ප්‍රතිචාර වලට.

    @ නුවන් චින්තක,
    බොහොම ස්තූතියි. ඔබටත් එසේම වේවා . . .

    ReplyDelete
  5. නිසදැස අගෙයි කවුරුත් නොලියති මේවා
    සාරංගටත් සුබ නව වසරක් වේවා!
    :)

    ReplyDelete
  6. මල්ලී, සමහර බ්ලොග් වල Followers ලා ඔක්කොම පේන්න හදලා තියෙන්නේ කොහොමද?

    හික් හික්... උඹටත් එන කවි සිතිවිලි... හරි චෝයි මෙයා..
    ඒක නෙමෙයි, උඹට සුබම සුබ අළුත් අවුරුද්දක් !!!
    මේ මාසෙට උඹ කියලා දුන්නු ඒවා, ආමාශයටම ගියා..
    බොහොම ස්තූතියි මල්ලී !!!

    ReplyDelete
  7. @ තමීර,
    ගොඩක් ස්තූතියි ප්‍රතිචාරෙට.

    @ පිස්සා,
    පිස්ස අයියෙ ඒක කරන්නෙ මෙහෙමයි,

    1. දැනට තියන ගැජට් එක ගලවල දාන්න
    2. යන්න මෙතෙන්ට,
    http://www.google.com/friendconnect
    ( ඔයා log in වෙලා ඉන්න ඕන ), එතනින් තෝර ගන්න ඔයාගෙ බ්ලොග් එක ( වම් අත පැත්තෙ panel එකෙන් )
    3. ඒකෙ Overview link එකට ගියහම Add the members gadget කියල එකක් තියනවනෙ, අන්න ඒකට යන්න
    4. දැන් කැමති rows ගානක් තෝරන්න.
    5. යට පාට තෝරන කෑල්ලෙ background කියල තිනන එව්වගෙ තියන අගය මකන්න, එතකොට transparent වෙනව.
    6. යටම තියන Generate code කියන button එක ඔබන්න.
    7. දැන් ඒ code එක අලුත් HTML/JavaScript ගැජට් එකක් විදිහට දාගත්තනම් ගොඩ.
    අවුලක් උනොත් අහන්නකො ...

    ReplyDelete
  8. මල්ලී, ස්තූතියි උදව් කරනවාට..
    ඔයා කියපු විදිය ලේසියි,,, ඒ වුනාට බාගයක් යද්දී, ජර්මන් වලින් කමාන්ඩ්ස් වගයක් එනවා..
    ඒක හදාගන්න බලන්නම්.. කැම්පස් ගියාම ඒක කාගෙන් හරි අහගන්න පුළුවනි... ඒක හරි යයි..

    (මේක ඔයාගේ මෙතඩ් එකේ අවුලක් නෙමෙයි, මගේ අවුලක්..)

    ReplyDelete
  9. හ්ම්ම්...එහෙමද,
    එහෙනම් වැඩේ හරි ගියාම කියන්නකො, මමත් තිබිච්ච එක අයින් කරල rows 5 ක් දැම්ම.

    ReplyDelete
  10. Techie පොරක‍් වුණාට කවිත් ලියන්න talent එක තියනවා වගේ. නියමයි!
    සුබ අළුත් අවුරුද්දක්!!!

    ReplyDelete
  11. මල්ලී මගේ බ්ලොග් එක බලන්නකෝ, වැඩේ හරි..
    බොහොම ස්තූතියි..

    ReplyDelete
  12. @ sujeewads,
    බොහොම ස්තූතියි, ඔබටත් එසේම වේවා...

    @ පිස්සා,
    එල එල, ඔය තියෙන්නෙ නියමෙට.

    ReplyDelete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails