Wednesday, January 6, 2010

ජනෙල් හතේ සැඟවුනු දෙයියන්ගෙ මාදිලිය

කට්ටිය බලනව ඇති මොකක්ද මේ හරුපෙ කියල. Windows 7 වල තියනව සැඟවුනු God Mode කියල එකක්, ඒක ගැනයි මේ කියන්න යන්නෙ. මේකනම් අලුත්ම දෙයක් නෙවෙයි, Vista වලත් තිබ්බ දෙයක්. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේක Vista 64 bit වල කරල බලන්න එපා කියන එක. නැත්නම් කට්ටිය OS එක අවුල් ගියා කියල මාව කයි, 32 bit නම් අවුලක් නෑ. Windows 7 නම් අවුලක්ම නෑ. මෙහෙමයි සැඟවුනු දෙයියන්ගෙ මාදිලියට යන්නෙ, හරිම සරළයි.

1. මුලින්ම අලුත් folder එකක් හදන්න.
2. ඊට පස්සෙ මේ පහල තියන නමින් ඒක rename කරන්න.
GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

වැඩේ ඉවරයි ! දැන් ඇතුලට ගිහින් බලන්නකො මොනවද තියෙන්නෙ කියල.



මේකට දෙයියන්ගෙ මාදිලිය කියන්නෙ Operating System එකේ තියන ඕනම Control Panel එකකට එකම තැනකින් යන්න පුළුවන් හින්ද. නරකම නෑ නේද? කරල බලල හොඳ නරක කියන්නකො. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

19 comments:

  1. එල එල , මේක windows 7 64 bit එක්ක හොදට වෑඩ, සටහනට ස්තුතීයී !

    ReplyDelete
  2. එපා කියපු නිසාම 64bit වල කරල බැලුවා. එළකිරි වගේ වැඩ. එපා කියන දේම කරන එක සිංහලයගෙ පුරුද්දක්නේ ;-)

    ReplyDelete
  3. එල එල , මේක windows 7 32 bit එක්ක හොදට වැඩ. මචන් පට්ට

    ReplyDelete
  4. මේක Windows XP වල Management Console එක වගේනේ.

    ReplyDelete
  5. @ Priyankara, යූත්මැක්ස්, Madhuka
    කට්ටියගෙම ප්‍රතිචාර වලට තුති,
    මේක කරන එක අවුල් කියන්නෙ Vista 64 bit වල. Windows 7 වලට අවුලක් නෑ.

    @ශාකුන්තල,
    ස්තූතියි ප්‍රතිචාරයට.
    ඔව් නේද, හැබැයි ඊට වඩා වැඩ වැඩියි වගේ.

    ReplyDelete
  6. පට්ට පට්ට,තව ඔයවගෙ තොරතුරු අපි බලාපොරොත්තු වෙනවා :D

    ReplyDelete
  7. දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ..!!!. එලම තමා කොලුවෝ...පිං බොහෝයි...

    ReplyDelete
  8. උදිත්, තිස්ස1969, Chathuranga
    ප්‍රතිචාර වලට ස්තූතියි !!!

    ReplyDelete
  9. සාරංග මල්ලි, මේකනම් පට්ටම පට්ට.
    ජය වේවා....!!!

    ReplyDelete
  10. @ Geeth,
    ස්තූතියි ප්‍රතිචාරයට.
    ජය වේවා !

    ReplyDelete
  11. එල බන්කු බන්කු

    ReplyDelete
  12. මේකෙන් කරන්න පුලුවන් මොනවගේ දේවල්ද?
    හදිස්සියෙවත් මේ ෆෝල්ඩර් එක ඩිලීට් උනොත් අවුලක් වෙනවද?
    මේ ගැන ටිකක් විස්තර කියන්න පුලුවන්නම් ලොකු දෙයක්.

    නිසල්

    ReplyDelete
  13. @ නිසල්,
    මේකෙ තියන වාසිය තමයි controls ටික එකම තැනක ඉඳන් access කරන්න පුළුවන් වීම. Folder එක delete උනාට අවුලක් නෑ, ඕනනම් ආයෙ හදාගන්න පුළුවන්.

    ReplyDelete
  14. controls ටික කිව්වේ control panel එකෙන් කරනදේද?ටිකක් පැහැදිලි කරන්න.

    nisal

    ReplyDelete
  15. ඔව්, මේකෙන් පුළුවන් control panel එකේ තියන එව්ව එකම window එකකින් බලාගන්න... :)

    ReplyDelete
  16. අවුරුද්දකට පසුවනේමම දැකලාතියෙන්නේ

    ReplyDelete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails