Wednesday, January 6, 2010

Admin ගේ ගණන් බලන් නැතුව නිදහසේ වැඩ කරගන්න

පොදු පරිඝණක පාවිච්චි කරන ගොඩක් වෙලාවට අපිට එන ප්‍රශ්ණයක් තමයි වැඩක් කරගන්න ගියහම ඕන කරන මෘදුකාංග ස්ථාපනය කරල නැති එක. ගොඩක් වෙලාවට ඒ වගේ පරිඝණක වල admin බලතලත් අපිට නෑනෙ, ඉතින් ඒක හින්ද මෘදුකාංග ස්ථාපනය කරන්නත් බෑ. මේ වගේ වෙලාවට ඉතින් අපේ පිහිටට ඉන්නෙ Portable Applications තමයි.

අද මම කියන්නෙ ඒ වගේ Portable Applications එකතුවක් තියන PortableApps.Com කියන site එක ගැන. අද වෙනකොට ගොඩක් දෙනා අතර ප්‍රසිද්ධ Portable Firefox හදල තියෙන්නෙත් මේ ගොල්ලො තමයි. මේ site එකෙන් අපිට free and open source මෘදුකාංග ගොඩාක් බාගන්න පුළුවන්. මෙව්ව USB flash drive, iPod, memory card සහ portable hard drive වගේ ඕන එකක දාගන වැඩ කරගන්න පුළුවන්. මෙන්න තියනව එව්වගෙන් ටිකක්,

Mozilla Firefox, Portable Edition - සම්මාන දිනූ Web Browser එක
GIMP Portable - Photo සහ Image Editing වලට
VLC Media Player Portable - ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් Media Player එකක්
OpenOffice.org Portable - Microsoft අනුකූලතාව සමගින්
7-Zip Portable - File Archiving සහ Compressing වලට
InfraRecorder Portable - CD සහ DVD Burn කරගන්න
XAMPP - Apache, mySQL, PHP, phpMyAdmin

අපිට ඕන කරන දේ හොයාගන්න පහසු වෙන්න Accessibility, Development, Education, Games, Graphics & Pictures, Internet, Music & Video, Office, Operating Systems සහ Utilities වශයෙන් විස්තර සහිතව වර්ගීකරණයක් තියන මේ (Applications) පිටුව බලන්නකො.

මේ මෘදුකාංග එකක්වත් limited එව්වවත් trial version වත් නෙමෙයි, පාවිච්චි කරන්න අමතර මෘදුකාංග, දෘඩාංග ඕන වෙන්නෙත් නෑ. ඔයාට තියෙන්නෙ බාගෙන පාවිච්චි කරල යාළුවන්ටත් දෙන එක. ඔන්න ඔහොමයි admin ගෙ ගණන් බලන්නැතුව වැඩ කර ගන්නෙ. එහෙනම් අදට මම යනව. ඔබට ජය !

3 comments:

  1. මම පෙරේදා ගම්පහ ටවුන් එකේ ඉන්න අතරෙ, වෙලාව තිබ්බ හින්දා internet cafe එකකට ගොඩ වැදුනා. වෙන වැඩ ටිකක් කරගෙන ඉවර වෙලා, සිංහල ටිකක් බලන්න ගියාම Sinhala and Tamil Kit දාල නැහැ. ඒත් මොකද qsFOX තියනවනෙ කියලා දාගන්න බලනකොට ඒකෙ තියන හද්ද පරණ Firefox version එක ඒක support කරන්නෙත් නැහැ.

    ඉතින් Admin මල්ලිව අල්ලගෙන අළුත් Firefox එක දාලා,qsFOX එකත් අරගෙන ඉවර වෙනකොට මගේ වෙලාව සෑහෙන්න ගිහින්. Portable Firefox ගැන මම දැනගෙන හිටියෙ නැහැ. දැනගෙන හිටියා නම් ඒක මටම, වඩා ඉක්මනට install කරගන්න තිබුන නේද?

    ReplyDelete
  2. @ Sujeewa,

    ඔව් අයිය, ඔයාට එහෙම කලානම් ගොඩක් වෙලාව ඉතුරු කරගන්න තිබ්බ. මම නම් Pen එකේ ඕන කරන add-on දාපු Portable Firefox හැම තිස්සෙම තියාගන ඉන්නෙ. ඒක ආරක්ෂාවටත් හොඳයිනෙ.

    ReplyDelete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails