Monday, January 4, 2010

JQuery UI, ලොකු ලොකු දේවල් ලේසියෙන් කරගන්න

JQuery ගැන මම මීට කලින් ලිපි දෙකකදි කතා කළානෙ. මතක නෑ වගේනම් පහළ තියන links වලට කොටල එව්ව බලලම ඉන්නකො.

1. JQuery, පොඩ්ඩක් ලියල වැඩ ගොඩක් දාන්න
2. JQuery වලින් ලේසියෙන්ම AJAX ගොඩදාන්න

අද කියන්නෙ JQuery UI ගැන. ඒක JQuery පාවිච්චි කරල හදපු තවත් Free JavaScript Library එකක්. මේක පාවිච්චි කරල අපිට ලේසියෙන්ම interactive web applications හදන්න පුලුවන්. මේ උදාහරණ ටික බලන්නකො වැඩ කිඩ ටිකක් බලාගන්න.

1. Draggable
2. Droppable
3. Sortable
4. Datepicker
5. Progressbar
6. Date Range Picker

කොහොමද, හොඳයි නේද? තවත් වැදගත් දෙයක් තමයි මෙව්ව IE 6.0+, FF 2+, Safari 3.1+, Opera 9.0+ සහ Chrome 1.0 ඇතුලු ගොඩක් browsers වල අවුලක් නැතුව වැඩ කරන එක. අපිට වැඩකරන හැටි ඉගෙන ගන්න විස්තර සහිත documentation එකකුත් තියනව. මේ ඔක්කොම දේවල් මෙතෙන්ට (JQuery UI Home) ගියොත් බලාගන්න පුලුවන්. මෙතනින් බලාගන්න උදාහරණ ටික.

Code එක බාගන අපිට ඕන විදිහට වෙනස් කරන්න තමයි තියෙන්නෙ. මේ සටහනනම් ගොඩක් වැදගත් වෙන්නෙ web designing කරන අයට තමයි. තවත් මේ වගේ දේවල් ගැන ඉස්සරහට කියල දෙන්නම්කො. ඔන්න එහෙනම් මම ගියා. ඔබට ජය !

5 comments:

  1. දිගටම වැඩෙ කරගෙන ය න්න!!!

    ReplyDelete
  2. එළ එළ.. තැංකූ..!!

    ReplyDelete
  3. @ වැප්, ගයන්ත
    ප්‍රතිචාර වලට තුති !

    ReplyDelete
  4. මල්ලී දිගටම ලියන්න..
    හොද සිහිකල්පනාවක් තියෙන වෙලාවක මේ ඔක්කොම කියවන්නම්.. මේ දවස් වල මඤඤං වගේ..

    ReplyDelete
  5. @ පිස්සා,
    එළ අයිය, මම දිගටම වෙලාව තියෙන හැටියට ලියනව.

    ReplyDelete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails