Wednesday, January 13, 2010
Google ගෙන් හරියට අහන හැටි
1. නිශ්චිත වාක්‍යාංශ ("Some text here")
හිතන්න ඔයාට ඕන කියල සිංහල යුනිකෝඩ් පිහිටුවන හැටි Google ගෙන් අහන්න, මේ වගේ වෙලාවට install sinhala unicode කියල හොයනව වෙනුවට ඔයාට පුළුවන් පෙරළි කොමා දෙකක් අස්සෙ දාල "install sinhala unicode" කියල හොයන්න. එතකොට Google අපිට කියන්නෙ ඔය වචන තුන ඔය පිළිවෙලටම තියන එව්ව විතරයි.
2. ඕන්නැති වචන හලන්න (-YourText)
අපිට එන ප්‍රතිඵල ගාන අඩු කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට install sinhala unicode ගැන හොයන්න ඕන, හැබැයි එන ප්‍රතිඵල වල siyabas තියෙන්න බැරිනම් install sinhala unicode -siyabas කියල හොයපුවාම ගොඩ. පේනවනෙ කරල තියෙන දේ, අර පොඩි ඉරි කෑල්ලෙන් එහා පැත්තෙ එන්න ඕන නැති වචනෙ දෙන්න තියෙන්නෙ. install sinhala unicode -siyabas -download කියල දීපුවාම siyabas සහ download කියන වචන දෙකම හැලෙනව.
3. සමාන දේවල් තියන පිටු (related:URL)
ඒ කියන්නෙ මේ වගේ දෙයක්, හිතන්නකො අපිට http://www.w3schools.com/php/default.asp කියන පිටුවෙ අපි හොයන දේ හම්බවුනා කියල, related:http://www.w3schools.com/php/default.asp කියල හොයපුවාම අර කලින් පිටුවෙ තියන දේට සම්බන්ද දේවල් තියන තවත් පිටු අපිට හොයාගන්න පුළුවන්.
4. එක Site එකක විතරක් හොයන හැටි (YourText site:URL)
හිතන්න ඔයාට මොකක් හරි දෙයක් ගැන එක site එකක විතරක් තියන දේවල් හොයන්න ඕන කියල, උදාහරණයක් විදිහට php site:www.w3schools.com කියල දුන්නොත් අපිට www.w3schools.com කියන site එකේ php ගැන ලියවුන පිටු හොයාගන්න පුළුවන්.
5. විශේෂ ලියකියවිලි වර්ගයක් හොයන හැටි (filetype:Type)
ඔයාට ඕනනම් php tutorial ගැන තියන pdf files හොයන්න, php tutorial filetype:pdf කියල දීපුවාම ගොඩ.
6. හදිස්සියකට ගානක් හදාගන්න
ඔය පොඩි ගානක් හදාගන්න අපි හැම තිස්සෙම කරන වැඩක් තමයි Calculator එක පාවිච්චි කරන එක, (5.5*10)/5 කියල දීල බලන්නකො මොකද වෙන්නෙ කියල.
7. අර්ථ දැක්වීම් හොයන්න (define:Text)
define:unicode කියල හොයපුවාම අපිට unicode කියන එකේ අර්ථ දැක්වීම ලේසියෙන්ම දැනගන්න පුළුවන්.
දැන් දන්නවනෙ කොහොමද Google ගෙන් හරියට අහන්නෙ කියල, කරල බලල ප්‍රතිචාරයකුත් කොටලම ගියානම් තමයි හොඳ. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !
39 comments:
කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.
Subscribe to:
Post Comments (Atom)
පට්ටයි
ReplyDeleteමේක හරිම ප්‍රයෝජනවත් මල්ලී.. ස්තූතියි..
ReplyDeleteහරි වැදගත්, මල්ලි. ස්තුතියි.
ReplyDeleteතැන්ක් යු වේ වා !!!!
ReplyDeleteඑදිනෙදා පාවච්චියට කියලා වැඩක් නැහැ ......
ReplyDeleteඑළකිරි calculator එක නම් පට්ට :)
ReplyDeleteintitle:index.of කියල හොයන හැටිත් ටිකක් කියල දෙන්න
ReplyDeleteපට්ට........!
ReplyDeleteගොඩාක් වටිනවා...
තව ලියන්න..
ඔය විදියටම විනිමය අනුපතයත් ගන්න පුලුවන්ලු නේද.?
@ Express,lakpathy
ReplyDeleteප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි !
@පිස්සා,Sujeewa, වැප්
මමත් හිතුව මේක අපේ කට්ටියට වැදගත් වෙයි කියල, ගොඩක් කාලෙකින් post එකක් දාන්නත් බැරිවුන හින්ද දැම්ම.
@ akila87, Anonymous
ඒකනම් පට්ට තමයි, පසු සටහනත් බලන්නකො. පට්ට වැඩ ගොඩයි.
@ ප්‍රියන්ත,
GOOG කියල හොයන්න, පසු සටහනත් බලන්න
ප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි !
ගොඩක් වටිනවා. ස්තුතියි මේක දැම්මට...
ReplyDeleteපසු සටහනේ link එකට තවත් ස්තුතියි. නිතරම Google පාවිච්චි කළාට අපි මේ වැඩ කෑලි දැනගෙන හිටියෙ නෑනෙ.
ReplyDeleteස්තුතියි!
ReplyDeleteආ මරු මරු..
ReplyDeleteස්තුතියි..
ReplyDeleteපට්ටයි. පට්ටයි...............බොහොම ස්තූතියි.
ReplyDelete@ indik, Supun, සසික
ReplyDeleteප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි !
@ Sujeewa
ප්‍රතිචාර දිහා බලද්දි පසු සටහනත් දාන්න හිතුන.
@ LG, vidura
ප්‍රතිචාරයක් දුන්නට තුති !
එළම එළ..........සිරා..........
ReplyDelete@ Samy
ReplyDeleteප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි Samy.
ගොඩක් හොද සටහනක්, ස්තුතියි
ReplyDelete@ BEAUTIFUL SRI LANKA
ReplyDeleteප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි.
thanxx
ReplyDeleteපට්ටයි.. ගොඩක් වැදගත් :) ස්තුතියි
ReplyDelete@ රෙහාන්,
ReplyDeleteප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි !
Your post has been copied
ReplyDeletehttp://www.amilaprasad.co.cc/2010/08/google.html
@ Anonymous,
ReplyDeleteThanks for the information, I'll get necessary actions.
බොහෝම වැදගත්!:)
ReplyDeleteela ela......... godak dewal danagaththa.....thanx muchn..........
ReplyDeleteඉතා වැදගත් ලිප්පියක්..
ReplyDelete@ sriniranjana, dinushika, hareenlaks
ReplyDeleteප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි !
@ Ansh,
ReplyDeleteස්තුතියි දුන්නට ප්රත්තිචාරයක්...
නියමයි.. වැදගත් දේවල් එකතැනකින්.. කරන්සි කන්වර්ට් කරන්නත් පුලුවන්
ReplyDelete100 USD in LKR කියල ගහන්න බලන්න
මාර වැදගත් මල්ලි... ගමේ කොල්ලෙක් කියලා දැන්නේ දැනගත්තේ.... නියමයි....
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්.. ස්තූතී!
ReplyDelete@වැම්පයර්,
ReplyDeleteප්‍රතිචාරයට සහ දැනුවත් කිරීමට බොහොම ස්තූතියි...
@අභීත,
ස්තූතියි අයියා.. ඒකනෙ, දැන්නෙ දන්නෙ ගමේ කියල...
@යොහාන්
ප්‍රතිචාරයක් දුන්නට ස්තූතී!
මෙන්න ඔයාගෙ ලිපිය හොරකම් කරල.
ReplyDeletehttp://www.sinhalasite.com/internet/google-internet/google-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94/
එක ඈත්තටම ප්‍රයොජනවත්
ReplyDelete@ nishan
ReplyDeleteප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි !
@ සිව්පෙතියා,
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයක් දුන්නට !
sands casino review for November 2021 - SeptCasino.com
ReplyDeleteSands Casino Review 메리트카지노 2021 샌즈카지노 ✓ Exclusive $1000 Welcome Package with 제왕 카지노 Welcome the company offers both slots and table games and has the widest