Tuesday, November 23, 2010
Laptop එකක් ගනිද්දි මේ ගැනත් බලන්න
අපි ඉතින් ගොඩක් වෙලාවට බලන්නෙ අපි ගන්න යන laptop එකේ කතා කරගත්තු විදිහට RAM, Processing Speed, VGA, Disk Space වගේ දේවල් තියනවද කියලනෙ. ඊට අමතරව බලන්න ඕන තව දෙයක් තියනව. ඒ තමයි laptop එකේ LCD/LED screen එක.
මේ screen එකේ අපිට පේන්නෙ නැති තරම් කුඩාවට කළු, සුදු හෝ වෙනත් පැහැයක් ගන්නාවූ ලප තියෙන්න පුළුවන්. මේවට කියන්නෙ Dead/Stuck Pixel කියල. අපි මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම හේතුව තමයි, මේවගේ ලප (Dead Pixel) එකක් දෙකක් තිබුනට අපිට අලුත් screen එකක් warranty යටතේ හම්බවෙන්නෙ නැති එක. එහෙම අලුත් එකක් දෙන්නනම් ගොඩක් වෙලාවට අඩුම තරමින් Dead Pixel 5ක් වත් තියෙන්න ඕන. මේක laptop brand එක අනුව වෙනස් වෙන දෙයක්.
ඔයා ගන්න යන laptop එකේ Dead Pixel තියනවද කියල බලන්න පුළුවන් ලේසිම විදිහ තමයි wallpaper එකට සුදු පාට පින්තූරයක් සහ කලු පාට පින්තූරයක් දාල හොඳින් පරීක්ෂා කරන එක. මේ web site (UDPixel) එකේ තියන පොඩි software එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. Install කරන්න ඕන නැති නිසා laptop එක ගන්න වෙලාවට Flash Drive එකක දාගන ගිහින් run කරල බලන්න තියෙන්නෙ.
මෙතනින් බාගන්න:
UDPixel v2.2 English (.zip - 72kB) Compressed binaries, no installer
ඊට අමතරව මේ web site එකට (Dead Pixels Test) ඒ වෙලාවෙම ගිහිනුත් හොඳ පරීක්ෂාවක් කරගන්න පුළුවන්. අමාරුවෙන් සල්ලි හොයාගන laptop එක ගත්තට පස්සෙ දුක් වෙනවට වඩා හොඳට පරීක්ෂා කරල ගන්න එක හොඳයිනෙ.
එහෙනම් ඉතින් පස්සෙ වෙලාවක අලුත් සටහනකින් හමුවෙමු. කියවල බලල ප්‍රතිචාරයක් දාන්නත් අමතක කරන්න එපා. ඔබට ජය !
9 comments:
කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.
Subscribe to:
Post Comments (Atom)
හොද දෙයක් මතක් කරලා තියෙන්නේ.
ReplyDeleteගොඩ කාලෙකට පස්සේ ....... කොහෙද බන් ගිහින් උන්නේ :d
ReplyDeleteඕක මේ ලඟදී මගේ යාලුවෙකුටත් වුනා......
ReplyDeleteමිනිහා ගත්තු Lap එකෙත් ඔය වගේ Dead Pixel එකක් තිබිලා..
අරගෙන දවස් තුනකට විතර පස්සේ දැකලා තියෙන්නේ...
පස්සේ Lap එක replace කරන්නත් බෑ කියලා...
සෑහෙන කාලෙකට පස්සෙ ! මොකද වුනේ ??
ReplyDelete@ කි.අප්පුහාමි,
ReplyDeleteප්‍රතිචාරයට ස්තූතියි !
@ වැප්, තර්ඩ් මෑන්,
ටිකක් වැඩ වැඩි උනා, ලියන්න වෙලා මදි උනාට කියවන එක නැවැත්තුවෙ නෑ. වෙලාව තියන විදිහට දිගටම ලියනව :)
@ හරී,
ReplyDeleteඅපරාදෙ, කලින් දැනගන හිටියනම් ගන්න කලින් බලන්න තිබ්බ. මිනිහට සෑහෙන අප්සට් ඇති වැඩේට.
@ Saranga Rathnayake : ඔයාගේ බ්ලොග් එකෙන් වෙච්ච ප්‍රයෝජනයක් ගැන කියන්නයි comment කරේ...
ReplyDeleteඅර මම ඉස්සෙල්ල කියපු යාලුවා කොහොමහරි වැඩේ ගොඩදාගත්තා...ඒ කිව්වෙ මිනිහා කොහොමහරි සද්දයක් දාලා Lapa මාරුකරගෙන...
ඔයාට බොහොම පින්.......
@ හරී,
ReplyDeleteමිනිහ සෑහෙන කට්ටක් කන්න ඇති, සාමාන්‍යයෙන් pixel එකක් අවුල් උනාට මාරු කරන් නෑ.කොහොම හරි මාරු කර ගත්තනම් ලොකු දෙයක්.
හොදායි
ReplyDelete