Showing posts with label පොඩි වැඩ. Show all posts
Showing posts with label පොඩි වැඩ. Show all posts

Wednesday, January 16, 2013

අලුත් වැඩක් - ලංකාවෙ තියන courses එකම තැනකින්...

අද පොඩි පොඩි දේවල් වලින් කියන්න යන්නෙ මම ඇතුලු අපේ බෝඩිමේ සෙට් එක පටන් ගත්තු අලුත් වැඩක් ගැන.

අපි සෙට් එක එකතු වෙලා හැදුව ලංකාවෙ තියන courses ලේසියෙන්ම හොයාගන්න පුළුවන් site එකක්. තාම වැඩේ පටන් ගත්ත විතරයි. තව ගොඩක් දේවල් තියනව කරන්න. ගිහිල්ලම බලන්නකො...

Web Site : coursenet.lk        Facebook : facebook.com/coursenet
(ගිහින් බලල හොඳයිනම් මතක ඇතුව Like එකක් දාල එන්න ඕන...)

Friday, January 8, 2010

Windows මුර පදය අමතක වුනොත් ගොඩදාන හැටි

අදනම් පොඩි පොඩි දේවල් වලින් කියන්න යන්නෙ ටිකක් ලොකු දෙයක් ගැන. මුලින්ම කියන්න ඕන මේ දේ වැරදි විදිහට පාවිච්චි කරන්න ඔට්ටු නෑ කියල. මම කියන්න යන්නෙ Windows වල මුර පදය අමතක උනොත් recover කරගන්න විදිහක් ගැන. මටත් මේක ගැන හොයන්න ඕන උනේ යාළුවෙක්ට වෙච්ච ඒ වගේ අකරතැබ්බියක් හින්ද. Windows කිව්වම ඉතින් ජාති ගොඩක් තියනවනෙ, මම බලපු site එකේනම් තිබ්බෙ මෙන්න මෙහෙම,

Tested on: NT 3.51, NT 4 (all versions and SPs), Windows 2000 (all versions & SPs),
Windows XP (all versions, also SP2 and SP3), Windows Server 2003 (all SPs),
Windows Vista 32 and 64 bit (SP1 also), Window 7 (all variants).
Some say also Windows Server 2008 is OK

හැබැයි ඕං මම කරල බැලුවෙනම් Windows XP SP_2 වල. නැත්නම් කට්ටිය අත්හදා බලල වැඩ කරන්නෙ නැතුව ගියොත් මට වලක් කපාගන වැලලෙන්නයි වෙන්නෙ.

මේවගේ වෙලාවට මුලින්ම බලන්න ඕන Default Administrator Account එකේ මුර පදයක් නැද්ද කියල, ඒකට logging window එකේදි Ctrl + Alt + Delete දෙපාරක් ඔබල user name එකට Administrator කියල දීල මුර පදය නැතුව ඇතුලට යන්න පුලුවන්ද බලන්න. ( Safe Mode එකෙදි මේ Default Administrator Account එක logging window එකේ පෙන්වනව, Safe Mode යන්න Windows logo එක පේන්න කලින් F8 ඔබන්න ). ඒකෙ මුර පදයත් මතක නැත්නම් ඉතින් මේ විදිහට තමයි ගොඩ ගන්න වෙන්නෙ. මේ වැඩේට අපිට Bootable CD එකක් හදා ගන්න වෙනව. මම කියන්නම්කො කරන පිළිවෙල.

වැදගත් :
මේ විදිහට recover කළායින් පසුව කලින් තිබුනු encrypted files කියවීමට නොහැකි වේ,
අන්තිම පියවරේදි read only file system කියල error එකක් එනවනම් Safe Mode එකට ගිහින්
log in window එක ආපුවාම Shut Down කරල නැවත උත්සහ කරල බලන්න.
මොකද කලින් පාර හරියට Shut Down වෙලා තිබ්බෙ නැත්නම් අවුල්.

1. මෙතනින් ISO Image එක බාගන Active ISO Burner වගේ මෘදුකාංගයක් පාවිච්චි කරල CD එක burn කරගන්න.

2. ඊට පස්සෙ මුර පදය අමතක වෙච්ච මැසිම ඒකෙන් boot කරන්න. ( මෙහෙම කරන්නනම් first boot device එක CD-ROM විදිහට BIOS වල දීල තියෙන්න ඕන, ඒකට මැසිම on වෙනකොටම DEL ඔබල BIOS ගිහින් first boot device එක CD-ROM දෙන්න )

3. දැන් තියෙන්නෙ එන උපදෙස් පිළිපදින එක තමයි. සම්පූර්ණ විස්තරයක් මෙන්න මෙතන තියනව. මේක බාගන printout එකක් අරන් හිටියොත් වඩාත් හොඳයි. මේකෙදි සාර්ථකම ක්‍රමය කියන්නෙ Administrator Account එකේ මුර පදය එක හිස් කරන එක. මෙතෙන්ට ගිහින් වැඩි විස්තර ඕනනම් බලාගන්නකො.

වැරදි කෙනෙක්ට ගියොත්, අපි බේරෙන්නෙ කොහොමද ?

මේකත් කියන එක ඇඟට ගුණයි කියල මට හිතුන. උඩ තියන මෘදුකාංගය USB Pen Drive එකක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හින්ද මේ වගේ දෙයක් වැරදි විදිහට පාවිච්චි කරන කෙනෙක්ගෙන් බේරෙන්න තියන විදිහ තමයි first boot device එක Hard Disk කරල BIOS වලට මුර පදයක් දාන එක. හැබැයි Mother Board එකේ බැටරිය ගැලෙව්වහම ඒකත් නැති වෙනව. ඒකට විසඳුම තමයි මෙන්න මේක.


කොහොමද හොඳයි නේද? එහෙනම් ඉතින් මම දැන් යනව. ඔබට ජය !

Wednesday, January 6, 2010

ජනෙල් හතේ සැඟවුනු දෙයියන්ගෙ මාදිලිය

කට්ටිය බලනව ඇති මොකක්ද මේ හරුපෙ කියල. Windows 7 වල තියනව සැඟවුනු God Mode කියල එකක්, ඒක ගැනයි මේ කියන්න යන්නෙ. මේකනම් අලුත්ම දෙයක් නෙවෙයි, Vista වලත් තිබ්බ දෙයක්. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේක Vista 64 bit වල කරල බලන්න එපා කියන එක. නැත්නම් කට්ටිය OS එක අවුල් ගියා කියල මාව කයි, 32 bit නම් අවුලක් නෑ. Windows 7 නම් අවුලක්ම නෑ. මෙහෙමයි සැඟවුනු දෙයියන්ගෙ මාදිලියට යන්නෙ, හරිම සරළයි.

1. මුලින්ම අලුත් folder එකක් හදන්න.
2. ඊට පස්සෙ මේ පහල තියන නමින් ඒක rename කරන්න.
GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

වැඩේ ඉවරයි ! දැන් ඇතුලට ගිහින් බලන්නකො මොනවද තියෙන්නෙ කියල.



මේකට දෙයියන්ගෙ මාදිලිය කියන්නෙ Operating System එකේ තියන ඕනම Control Panel එකකට එකම තැනකින් යන්න පුළුවන් හින්ද. නරකම නෑ නේද? කරල බලල හොඳ නරක කියන්නකො. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

Thursday, December 24, 2009

Admin බලතල නැතුව Portable Firefox වලට Flash Player දාමු

අදත් මම කියල දෙන්න යන්නෙ පොඩි වැඩක් කරන හැටි, හැබැයි වැඩේ පොඩි උනාට සමහර වෙලාවට ගොඩක් ප්‍රයෝජනවත්. මේක මට හම්මවුනේ lab එකට වෙලා FaceBook එකේ රස්තියාදු ගහන වෙලාවක. මෙහෙමයි සිද්දිය.

ඒ දවස්වල මට Barn Buddy උණ තිබිච්ච කාලෙ. පොඩි වෙලාවක් හම්බෙච්ච ගමන් කරන්නෙ හොරකමේ යන එක. ඔන්න ඉතින් වෙලාවක් හොයාගන lab එකට ආව පලදාව නෙලාගන්න කියල. කොහෙ නෙලන්නද, මෙන්න කියනව Flash Player එක update කරගන්න කියල. අපිට ඉතින් මෙව්වගෙ admin බලතල නැති හින්ද ඒ වැඩේ හරියන්නෙ නෑනෙ, ඕකට විසඳුමක් හොයද්දි තමයි මට Portable Firefox මතක් උනේ. ඔය වගේ වෙලාවට ඉතින් අපි කාගෙත් පිහිටට ඉන්නෙ Google නෙ. Google ගෙන් අහපුවාම ගොඩදාගන්න විදිහක් හම්බ වුනා. කට්ටියටම දැනගන මම පියවරවල් ටික කියන්නම්කො. හැම දෙනාටම තේරෙන විදිහට ගොඩක් සරළවම කියන්නම්.

1. මුලින්ම මෙතනින් Portable Firefox බාගන install කරගන්න. Admin බලතල නැත්නම් ගොඩක් වෙලාවට C: drive එකට install කරන්න දෙන්නෙ නෑ. එහෙම උනොත් වෙන drive එකකට හරි pen එකකට හරි තමයි install කරන්න වෙන්නෙ.

2. ඊට පස්සෙ මෙතන Right Click කරල "Save Link As" දීල කොහෙ හරි ඉඩ තියන තැනකට බාගන්න.

3. දැන් අර "Save Link As" කියල දීල බාගත්තු එකේ අගට ඇත්තෙ .xpi කියල, ඒක .zip කියල වෙනස් කරන්න. අගට තියන .xpi පෙන්නන්නෙ නැත්නම් Folder Option වල View Tab එකට ගිහින් "Hide extensions for known file types" කියන එක ඉස්සරහින් තියන Mark එක අයින් කරන්න. එතකොට පෙනෙයි.

4. දැන් WinZip හරි WinRAR හරි පාවිච්චිකරල ඒක extract කරගන්න, ඒක ඇතුලෙ ඇති flashplayer.xpt සහ NPSWF32.dll කියල file දෙකක්. අන්න ඒ දෙක copy කරගන්න.

5. දැන් Portable Firefox install වෙලා තියන තැනට යන්න. ඒකෙ App කියන folder එක ඇතුලෙ Firefox කියල තවත් folder එකක් ඇති, ඒකට ගියහම plugins කියල folder එකක් හොයාගන්න පුළුවන් වෙයි, අන්න ඒක ඇතුලට copy කරගත්තු files දෙක paste කරන්න.

දැන් වැඩේ ඉවරයි, Portable Firefox restart කරල බලන්නකො. පොතේ හැටියටනම් ගොඩ ගිහින් තියෙන්න ඕන. අවුල් තියනවනම් අහන්නකො. එහෙනම් මේ සටහන දැන් ඉවර කරන්නයි යන්නෙ. කියවල බලල ප්‍රතිචාරයක් දෙන්නත් අමතක කරන්න එපා හොඳද. ඔබට ජය !

Wednesday, December 23, 2009

Virus වලින් සැඟවුන Folders ගොඩගන්න හැටි

Windows ඉතින් virus අතින් ගත්තහම අලනෙ. මේ කියන්න යන්නෙත් ඒ වගේ virus ඒකක් හින්ද වෙන්න ගිය ඇබැද්දියක් ගැන. අපිට ඉතින් campus ඒකේ තියනවනෙ නානාප්‍රකාර assignments. කීයක් තිබ්බත් ඔක්ක්කොම කරන්න මතක් වෙන්නෙ අන්තිම මොහොතෙ තමයි.

වෙනද වගේම කලින් දවසෙ රෑ දඩ බඩ ගාල assignment එක ඉවර කරල pen drive එකට දාගත්ත copy එකක්. පහුවදා උදේ lab එකට ගියා upload කරන්න කියල හිතාගන. ගිහිල්ල pen එක ගහපුවාම ඒකෙ තිබිච්ච එක folder එකකටවත් වෙච්ච දෙයක් නෑ. මගෙ assignment එක තිබුනෙත් folder එකක් ඇතුලෙ. මට හොඳටම sure මම කලින් දවසෙ ඒක pen එකට දැම්ම කියලත්.

Virus වල රාජකාරි දන්න හින්ද මට තේරුනා එහෙම වෙච්ච වැඩක් තමයි කියල. කෝකටත් කියල Folder Option යන්න බලද්දි ඒ option එකත් අතුරු දහන්. අහල පහල තිබ්බ computer වලත් Folder Option අතුරුදහන්. එව්වත් ඉතින් virus වල වැඩම තමයි. මෙව්වගෙ admin බලතලත් අපිට නැති එකේ Folder Option ගොඩ දාන එක පැත්තකින් තියල මම assignment එක ගොඩ ගන්න විදිහක් කල්පනා කෙරුව, මොකද දැන්ම upload කලේ නැත්නම් late submission, එහෙම වෙලා හම්බෙන ලකුණු ටිකෙනුත් තව කීයක් හරි කැපුනොත් ඉතුරු වෙන්න දෙයක් නෑ. ඔහොම කල්පනා කරනකොට තමයි මට මතක් උනේ "attrib" command එක. ඒ command එකෙන් අපිට පුලුවන් Command Prompt පාවිච්චි කරල files සහ folders වල උපලක්ෂණ (attributes) වෙනස් කරන්න. මෙහෙමයි කරන පිළිවෙල,

Command Prompt එක open කරගන පහල තියන command ටික එකින් එක දෙන්න. මෙතන මම උපකල්පනය කරල තියනව pen එකේ letter එක "G" කියල ( දෙවෙනි පේළිය ), එතනට දෙන්න ඕන ඔයාගෙ pen එකට දැනට පෙන්වන letter එක.

cd\
G:
attrib -r -s -h /s /d

වැඩේ ඉවර වෙලා බලද්දි මෙන්න අර හැන්ගිලා තිබිච්ච folders ටික උඩට ඇවිල්ල. මම දඩ බඩ ගාල assignment එක upload කරල දැම්ම, නැත්නම් ඉතින් sorry තමයි. මේ වැඩේ ඉතින් හැමදාමත් කරන්න බෑනෙ, අනික සමහර computers වල Command Prompt එකත් අල. ඒක හින්ද මම හදාගත්ත .bat file එකක්. ඒක pen එකේ දාල තියාගත්තහම folders hide වෙලානම් .bat file එක double click කරන්න විතරයි තියෙන්නෙ. මෙහෙමයි bat file එක හදාගන්න පිළිවෙල,

1. මුලින්ම අලුත් Text Document එකක් හදාගන්න, ඒකට මේ පහල තියන පේළි ටික paste කරල save කරගන්න.

@echo Searching for hidden files...
@attrib -r -s -h /s /d
@echo All Done
@pause

2. ඊට පස්සෙ අග තියන .txt කියන එක .bat විදිහට වෙනස් කරන්න. දැන් හදා ගත්තු file එකේ copy එකක් pen එකේ folders වලින් පිට තියා ගන්න. එතකොට කොයි වෙලේ හරි folders hide උනොත් ලේසියෙන්ම ගොඩ ගන්න පුලුවන්.

මටනම් මේක ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනව. මොකද ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ lab එකේ හින්ද virus වලින් නිතරම pen එකට කරදර හිරිහැර වෙනව. මම හිතනව ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියල. එහෙනම් ඉතින් මේ සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

Monday, December 21, 2009

දිග බ්ලොග් සටහන් හකුලන හැටි

අද මම කියල දෙන්න යන්නෙ කොහොමද මාගල් වගේ දිගට යන සටහන්වල එච්චරම වැදගත් නැති දේවල් හකුලල පෙන්වන්නෙ කියල. වැඩි විස්ස්තර කියනවට වඩා මේ පහළ තියන පෙන්වන්න/හකුලන්න link එකට කොටන්නකො.

පෙන්වන්න/හකුලන්න


ඔයා දැන් කියවන මේ චේදය චේදෙයි පින්තූරෙයි හැංගිලා තිබ්බ එව්ව. පෙන්වන්න/හකුලන්න උඩ කොටල තමයි ඔයා ඒක දැන් බලන්නෙ. ආයෙත් පෙන්වන්න/හකුලන්න උඩ කෙටුවොත් මේ චේදෙයි පින්තූරෙයි හැංගෙනව. කොටලම බලන්නකො.

කොහොමද වැඩේ, හොඳයි නේද? දැන් බලමු මේක කොහොමද බ්ලොග් එකට දා ගන්නෙ කියල.

1. මුලින්ම බ්ලොග් එකට log වෙලා Edit HTML පිටුවට යන්න, දැනට තියන template එක download කරල save කරගන්න අමතක කරන්න එපා.



2. ඔයාගෙ template එකේ </head> tag එක තියන තැන හොයාගන්න, ඒකට කරන්න තියෙන්නෙ Ctrl + F ගහල Find කරන එක.


ඊට පස්සෙ පහල තියන code එක අර හොයාගත්තු </head> tag එකට උඩින් paste කරන්න.

මම පෙන්වන්න/හකුලන්න කියන link එක දාල තියෙන්නෙ මෙන්න මේ විදිහට,

ඊට පස්සෙ ඔයාට හංගන්න ඕන හැම දෙයක්ම <div class="commenthidden" id="yourDivId"> සහ </div> මැද්දට දාන්න. උඩම තියන උදාහරණෙ මම කරල තියෙන්නෙ මෙන්න මේ විදිහට,

මේකෙදි මතක තියාගන්න ඕන දේ තමයි yourDivId කියන එක තවත් තැනක පාවිච්චි නොකරන්න වග බලා ගන්න එක. ඒ කියන්නෙ ඔයාට මේ සෙල්ලම එකම සටහනේ දෙතුන් පොළක කරන්න ඕනනම් yourDivId කියන එකට වෙන නමක් දෙන්න ඕන.

ඔන්න ඉතින් මේ සටහනත් මෙතනින් ඉවරයි. අවුල් තියන තැන් අහන්න ඕන හොඳද. ප්‍රතිචාරයක් දෙන්නත් අමතක කරනව එහෙම නෙවේයි ඕං. ඔබට ජය !

Gmail එකේ Body එකට පින්තූරයක් දාමු

Gmail වලට කොහොමද පින්තූරයක් දාගන්නෙ කියල ඇහුවොත් ගොඩක් කට්ටිය කියන්නෙ attach කරගන්න හැටිනෙ. ඒත් attach කරපුවාම තියන අවුල තමයි පින්තූරෙ වෙනම බලන්න වෙන එක, ඒක කම්මැලි වැඩක්නෙ. අද මම කියල දෙන්න යන්නෙ mail එකේ body එකට පින්තූරයක් දාගන්න හැටි. මේකනම් ගොඩක් කට්ටිය දන්නවත් ඇති, දන්නෙ නැති කට්ටිය බලාගන්නකො කරන හැටි.

ඔයාගෙ තියෙන්නෙ අළුත් gmail interface එක නම් පහළ තියන රූපෙ විදිහට දැතිරෝද icon එක උඩ කොටල Labs වලට යන්න. ඊළඟට 3 පියවරේ ඉඳල කරගන යන්න ඕන.


1. මුලින්ම ඔයාගෙ mail එකට log in වෙන්න, ඊට පස්සෙ Settings වලට යන්න, පහල තියන රූපෙත් බලන්නකො.


2. දැන් එන window එකෙන් Labs කියන link එකට යන්න.


3. ඊට පස්සෙ පොඩ්ඩක් පහලට ගියහම හම්බෙයි Inserting Images කියල එකක්, ඒක enable කරල save කරගන්න. පින්තූර ටික බැලුවොත් හොඳටම තේරෙයි කරන පිළිවෙල.


දැන්නම් වැඩේ ඉවරයි, අලුත් mail එකක් ලියන පිටුවට යන්නකො පින්තූරයක් දාගන්න හැටි කියන්න. ඔයාලට පෙනෙයි අලුත් icon එකක් ඇවිත් තියනව, ඒකට කොටපුවාම ඔයාට දාන්න ඕන පින්තූරෙ තෝරන්න පොඩි window එකක් එයි. දැන් කරන්න තියෙන්නෙ ඕන කරන පින්තූරෙ තෝරල Ok කරන්න විතරයි.



උඩ තියෙන්නෙ දැන් මම කියපු විදිහට කරල දාගත්තු පින්තූරයක්. මමත් මේක කරන හැටි ගොඩක් කල් ඉඳන් හොය හොය හිටියෙ. අපේ බයිය නොහොත් උදයංග තමයි කරන හැටි කියල දුන්නෙ. හැම දෙනාටම දැනගන්න මම ඉතින් බ්ලොග් එකේ දැම්ම. වැඩේ හොඳයි නේද? අවුල් වගේනම් අහන්න ඕන හොඳද. දැන්නම් මේ සටහන ඉවර කරන්න වෙලාව හරි. ඔබට ජය !

Sunday, December 20, 2009

බ්ලොග් එකට Syntax Highlighter එකක් දාගමු

අදත් මම කියල දෙන්න යන්නෙ බ්ලොග් එකට පොඩි ගැජට් එකක් දාගන්න හැටි. ගැජට් එකේ නම තමයි SyntaxHighlighter. හැබැයි මේ ගැජට් එකනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ පරිඝණක භාෂා වල එන code කෑලි පලකරන අයට. මේකෙන් වෙන්නෙ ඒ ඒ භාෂාවට අදාල keywords ඉස්මතු කරල පෙන්වන එක. බ්ලොග් එකට Menu Bar එකක් දාගන්න එක ගැන ලියපු සටහනේ තියන code එක බැලුවොත් ඔයාලට තේරෙයි මොකක්ද ගැජට් එක කියල. දැන් බලමු ඒක අපේ බ්ලොග් එකට දාගන්නෙ කොහොමද කියල.

1. මුලින්ම කරන්න තියෙන්නෙ බ්ලොග් එකට log in වෙලා Layout පිටුවට ගිහින් Edit HTML තෝරන එක, එතකොට ඔයාලට පහල තියන රූපෙ වගේ එකක් එයි. මතක ඇතුව ඔයාගෙ template එකේ backup එකක් ගන්න එක ඇඟට ගුණයි, මොකද නැත්නම් තියන ලස්සනත් නැති වෙන්න ඉඩ තියනව.



2. ඊට පස්සෙ ඔයාගෙ template එකේ </head> තියන තැන හොයාගන්න, ඒ වැඩේ කරන්න Ctrl + F ඔබල Find කලාම ලේසියි. දැන් කරන්න තියෙන්නෙ හොයා ගත්තු </head> තියන තැනට උඩින් පහළ තියන code එක paste කරගන්න එක.

<link href='http://alexgorbatchev.com/pub/sh/2.1.364/styles/shCore.css' rel='stylesheet' type='text/css'/>
<link href='http://alexgorbatchev.com/pub/sh/2.1.364/styles/shThemeDefault.css' rel='stylesheet' type='text/css'/>
<script src='http://alexgorbatchev.com/pub/sh/2.1.364/scripts/shCore.js' type='text/javascript'></script>
<script src='http://alexgorbatchev.com/pub/sh/2.1.364/scripts/shBrushCSharp.js' type='text/javascript'></script>
<script src='http://alexgorbatchev.com/pub/sh/2.1.364/scripts/shBrushJava.js' type='text/javascript'></script>
<script src='http://alexgorbatchev.com/pub/sh/2.1.364/scripts/shBrushPhp.js' type='text/javascript'></script>
<script src='http://alexgorbatchev.com/pub/sh/2.1.364/scripts/shBrushXml.js' type='text/javascript'></script>
<script language='javascript'>
SyntaxHighlighter.config.bloggerMode = true;
SyntaxHighlighter.config.clipboardSwf = 'http://alexgorbatchev.com/pub/sh/2.1.364/scripts/clipboard.swf';
SyntaxHighlighter.all();
</script>

3. Code එකේ 1 සහ 3 වැනි පේළි වල තියන දෙක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. දෙවෙනි පේළියෙ කරල තියෙන්නෙ style දාන එක. මෙතන්ට ගිහින් බලන්න එක එක ජාතියෙ styles තියනව. කැමති එකක් දාගන්න පුලුවන්, හැබැයි එකයි.

4. Code එකේ 3, 4, 5 සහ 6 වැනි පේළිවලින් කරල තියෙන්නෙ c#, Java, PHP සහ HTML/XML. වලට අදාල JavaScript link කරන එක. ඔක්කොම ඕන නෑ, තමන් ලියන බ්ලොග් එකේ ලියන දේවල් වලට අදාල JavaScript විතරක් එකතු කරගන්න. එකතුකරගන්න පුලුවන් JavaScript මෙතනින් බලාගන්න. ඊට පස්සෙ template එක save කරන්න. දැනට අවුලක් නෑ නේද?

5. අපි දැන් බලමු මේ ගැජට් එක අපි ලියන සටහනක පාවිච්චි කරන්නෙ කොහොමද කියල. ඔයාගෙ සටහනේ කොතනකට හරි code කෑල්ලක් දාගන්න ඕනනම් මේ පහල තියන විදිහට ඒක සටහනට එකතුකරගන්න. මේකෙ brush: html කියල තියන තැනින් තමයි භාෂාව තෝරන්නෙ. මම දැන් html තෝරල තියෙන්නෙ. තෝරන්න පුලුවන් භාෂා මෙතනින් බලාගන්න.

<script type="syntaxhighlighter" class="brush: html; wrap-lines: false;"><![CDATA[
// code එක මෙතනට දාන්න
]]></script>

මෙතනට ගිහින් බලන්න තව එක එක ජාතියෙ වැඩ දාන්න පුලුවන්. එහෙනම් මේ සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

Saturday, December 19, 2009

බ්ලොග් එකට Menu Bar එකක් දාගමු

ඔන්න ඉතින් මේක තමයි මගෙ මුල්ම සටහන. මම මේකෙන් කියල දෙන්න හදන්නෙ Blogger බ්ලොග් එකකට පොඩි වැඩ කෑල්ලක් දාන හැටි. අපි බලමු කොහොමද බ්ලොග් එකකට Horizontal Menu Bar එකක් දාගන්නෙ කියල. නිකන් එකක් නෙවෙයි Multilevel Menu Bar එකක්. පහළ තියන රූපෙ බලන්නකො. ඒක මම කඩ්ඩෙන් ලියන බ්ලොග් එකට දාල තියන එක, ගිහින් බලන්නකො හොඳද කියල.



හැමෝටම තේරෙන්න සරලවම කියන්නම්, වැඩ දන්න අයටනම් කියල තියන විදිය දැක්කහම හිනා යයිද දන්නෑ. මුලින්ම මේ පහල තියන තඩි code එක copy කරගන ඒක Text Editor එකේ save කරගන්න. ඒක දිග උනාට ගනන් ගන්න එපා, ඒකෙ එච්චර දෙයක් නෑ.

දැන් කරන්න තියෙන්නෙ document එක .html විදිහට save කරගන්න එක. එහෙම කරන්නනම් File --> Save As ගිහින් නම අගට .html දෙන්න විතරයි තියෙන්නෙ. දැන් Browser එකක Open කරල බලන්න Menu Bar එක පේනවද කියල. පොතේ හැටියටනම් පේන්න ඕන. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ තමන්ට ඕන විදිහට Edit කරගන්න එක. මම එක උදාහරනයක් දෙන්නම්කො, code එක බැලුවොත් ඔයාලට පහල තියන පේළිය වගේ පේළි ගොඩක් පෙනෙයි.

<a href="#" title="test title"><span>Blogger Tips</span>

දැන් ඔය "#" තියන තැන් වලට ඔයාගෙ සටහනේ Link එක දෙන්න, "test title" තියන තැන් වලට සටහන අදාල Title එකක් දෙන්න, එතකොට mouse එක ඒක උඩට ගෙනිච්චහම අපි දීපු title එක පෙන්නනව. උඩින්ම තියන රූපෙ බැලුවොත් පෙනෙයි. "Blogger Tips" කියන්නෙ අපිට පේන නම, ඒකත් ගැලපෙන විදිහට දෙන්න. ඔය විදිහට edit කලහම මෙන්න මේ වගේ එකක් එන්න ඕන, මේ විදිහට ඔයා හැම Link එකක්ම edit කර ගන්න. CSS එහෙම දන්නවනම් ඔයාට කැමති විදිහට styles වෙනස් කරගත්තට මගෙ කිසිම තරහක් නෑ.

<a href="http://www.google.com" title="ගූගල් වලින් සොයන්න"><span>සොයන්න</span>

දැනට ගානට යනව නේද? දැන් තමයි හරියටම වැඩේට බහින්න යන්නෙ. ඔයාගෙ බ්ලොග් එකට Log වෙලා "Edit HTML" පිටුවට යන්න, එතකොට මේ වගේ එකක්නෙ එන්නෙ.



දැන් මුලින්ම කරන්න ඕන දේ තමයි දැනට තියන template එක download කරල save කරගන්න එක, මොකද කොච්චර වැඩ දන්න ඩයල් එකක් උනත් template එක අවුල් ගියොත් ගොඩ ගන්න අමාරු වෙන්න පුලුවන්.

දැන් මම කියල දෙන පියවරවල් ටික ඒ විදිහට කලොත් ලේසියෙන්ම Menu Bar එක දා ගන්න පුලුවන්,

1. ඔයාගෙ template එකේ "b:section class='header'" කියල එකක් තියනවද බලන්න, ඒකට කරන්න තියෙන්නෙ Ctrl + F ගහල Find කරන එක. එහම එකක් නෑම කියනවනම් "maxwidgets" කියල එකක් තියනවද බලන්න. "maxwidgets" ගොඩ සැරයක් තියනවනම් "header" වචනෙ අහල පහල තියන පේළිය තෝරගන්න.

2. දැන් maxwidgets තියන ගානට වඩා දෙකක් වැඩි කරන්න, ඒ කිව්වෙ "1" තියනවනම් "3" දෙන්න. ඒත් එක්කම showaddelement වල "no" තිබ්බොත් "yes" කරන්න. උදාහරණයක් විදිහට මේ වගේ එකක් තමයි අන්තිමට තියෙන්න ඕන. (maxwidgets='3' showaddelement='yes')

3. දැන් template එකේ </head> තියන තැන කලින් විදිහටම හොයාගන්න. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ අපි අර කලින් save කරගත්තු .html file එකේ styles ටික copy කර ගන්න එක. ඒකෙ <style type="text/css"> ඉඳන් </style> වෙනකන් copy කරගන්න. මතක ඇතුව ඒ කෑලි දෙකත් එක්කම copy කරගන්න ඕන. ඊට පස්සෙ අර හොයාගත්තු </head> තියන තැනට උඩින් ඒටික paste කරන්න.

4. දැන් අපි වැඩේ ගොඩක් දුරට ඉවරයි. Template එක save කරල බලන්න අවුලක් නෑ නේද කියල. Save කරන්න බෑ අවුල් තියනව කියල කිව්වොත් කලබල නැතිව ආයෙ පාරක් බලන්න කොතනද අවුල කියල.

5. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ "HTML/JavaScript" ගැජට් එකක් Headder එකට දාගන්න එක. ඒකනම් ඉතින් සුපුරුදු විදියම තමයි, වෙනසකට තියෙන්නෙ මේපාර දාන්නෙ Header එකට වීම. Layout ගිහින් Header එකට උඩින් තියන "Add a Gadget" යන්න. මේ රූපෙත් බලලම ඉන්නකො.



6. දැන් අපි අර කලින් save කරගත්තු .html file එකේ <body> සහ </body> කියන code කෑලි ඇතුලෙ තියන ටික gadget එකේ content එකට දෙන්න. ඊට පස්සෙ save කරල බ්ලොග් එක බලන්න අලුතින් දාගත්තු Menu Bar එක වැඩද කියල.

ඔන්න මගේ පළවැනි සටහන මෙතනින් ඉවර කරන්නයි යන්නෙ. කොතන හරි තේරෙන්නෙ නැති තැනක් තියනවනම් අහන්න ඕන හොඳද. සටහන ගැන අදහසකුත් දීලම ගියානම් තමයි හොඳ, මොකද මේක මම මුලින්ම ලියපු එකනෙ. ඔබට ජය !
Related Posts with Thumbnails