මම ටිකක් රෑ වෙලා තමයි වැඩේ පටන් ගත්තෙ. එක එක ජාතියෙ forum , web site වල රස්තියාදු වෙලා ඒ වෙනකොටත් හොඳ පන ගිහින් තිබුනෙ. කොහොම හරි අන්තිමට මේ පහල තියන විදිහට errors නැතිව GRUB එක ආයෙ දාගන්න පුලුවන් උනා. බලන්නකො විස්තරේ, මම ඉතින් Ubuntu වලට අලුත් හින්ද සමහර දේවල් නම් වැඩිය තේරුනේ නෑ.
ඊට පස්සෙ මම මැසිම reboot වෙනකන් බලාගන හිටිය. හෙට උදේට වැඩට යන්නත් ඕන හින්ද වැඩේ හරි ගියෙ නැත්නම් පස්සෙම කරනව කියල හිතාගත්ත. මොකද ඒ වෙනකොට රෑ 12 ත් පැනල. මම නිදි මතේ monitor එක දිහාබලාගන ඉද්දි මෙන්න බොලේ GRUB එක load උනා, මට මාර happy. මොකද අමාරුවෙන් වැඩක් ගොඩ දම්මම මාර ආතල් එකක් එක්නවනෙ. නිදි මතත් කොහේ ගියාද නෑ. ඊට පස්සෙ දඩබඩ ගාල Ubuntu වලට ගිහින් බැලුව වැඩද කියල, බබා වගේ වැඩ.
දැන් කට්ටිය බලනව ඇති වැඩනම් මොකද මේ සටහනේ මාතෘකාවෙ බාගෙට කියල කෑල්ලක් දාල තියෙන්නෙ කියල. දැන් තමයි හොඳම හරිය, මට අමතක උනානෙ XP වැඩද කියල බලන්න. ඒකත් බලන්න ඕන හින්ද තව පාරක් boot කලා. List එකෙන් Windows තෝරල enter ගහපු ගමන් ආවෙ මේ පහල තියනව වගේ error එකක්.
error : No such device 26856233...
Press any key to continue ...
කට්ටියට මතකයිනෙ මේක අපේ Hostel Room එකේ මැසිම. දැන් ඉතින් අද හවසට හොඳට අහගන්න පුලුවන්. තවම කවුරුත් දන්නෙ නෑ සිද්දිය. කමක් නෑ මමත් වැඩේ අත හරින්නෙ නෑ. මේ වගේ case එකක් ගොඩදාපු කෙනෙක් ඉන්නවනම් කියන්න ඕන හොඳද. මේ සටහනත් මෙතනින් ඉවරයි. ඔබට ජය !
Press any key to continue ...