කට්ටිය බලනව ඇති මොකක්ද මේ හරුපෙ කියල. Windows 7 වල තියනව සැඟවුනු God Mode කියල එකක්, ඒක ගැනයි මේ කියන්න යන්නෙ. මේකනම් අලුත්ම දෙයක් නෙවෙයි, Vista වලත් තිබ්බ දෙයක්. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේක Vista 64 bit වල කරල බලන්න එපා කියන එක. නැත්නම් කට්ටිය OS එක අවුල් ගියා කියල මාව කයි, 32 bit නම් අවුලක් නෑ. Windows 7 නම් අවුලක්ම නෑ. මෙහෙමයි සැඟවුනු දෙයියන්ගෙ මාදිලියට යන්නෙ, හරිම සරළයි.
1. මුලින්ම අලුත් folder එකක් හදන්න.
2. ඊට පස්සෙ මේ පහල තියන නමින් ඒක rename කරන්න.
GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
වැඩේ ඉවරයි ! දැන් ඇතුලට ගිහින් බලන්නකො මොනවද තියෙන්නෙ කියල.
මේකට දෙයියන්ගෙ මාදිලිය කියන්නෙ Operating System එකේ තියන ඕනම Control Panel එකකට එකම තැනකින් යන්න පුළුවන් හින්ද. නරකම නෑ නේද? කරල බලල හොඳ නරක කියන්නකො. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !
එල එල , මේක windows 7 64 bit එක්ක හොදට වෑඩ, සටහනට ස්තුතීයී !
ReplyDeleteඑපා කියපු නිසාම 64bit වල කරල බැලුවා. එළකිරි වගේ වැඩ. එපා කියන දේම කරන එක සිංහලයගෙ පුරුද්දක්නේ ;-)
ReplyDeleteඑල එල , මේක windows 7 32 bit එක්ක හොදට වැඩ. මචන් පට්ට
ReplyDeleteමේක Windows XP වල Management Console එක වගේනේ.
ReplyDelete@ Priyankara, යූත්මැක්ස්, Madhuka
ReplyDeleteකට්ටියගෙම ප්‍රතිචාර වලට තුති,
මේක කරන එක අවුල් කියන්නෙ Vista 64 bit වල. Windows 7 වලට අවුලක් නෑ.
@ශාකුන්තල,
ස්තූතියි ප්‍රතිචාරයට.
ඔව් නේද, හැබැයි ඊට වඩා වැඩ වැඩියි වගේ.
පට්ට පට්ට,තව ඔයවගෙ තොරතුරු අපි බලාපොරොත්තු වෙනවා :D
ReplyDeleteදෙයියන්ටම ඔප්පුවෙච්චාවේ..!!!. එලම තමා කොලුවෝ...පිං බොහෝයි...
ReplyDeleteමේක නියම වැඩක්.
ReplyDeleteඋදිත්, තිස්ස1969, Chathuranga
ReplyDeleteප්‍රතිචාර වලට ස්තූතියි !!!
සාරංග මල්ලි, මේකනම් පට්ටම පට්ට.
ReplyDeleteජය වේවා....!!!
@ Geeth,
ReplyDeleteස්තූතියි ප්‍රතිචාරයට.
ජය වේවා !
එල බන්කු බන්කු
ReplyDelete@ Sadara,
ReplyDeleteඑල එල !!!
මේකෙන් කරන්න පුලුවන් මොනවගේ දේවල්ද?
ReplyDeleteහදිස්සියෙවත් මේ ෆෝල්ඩර් එක ඩිලීට් උනොත් අවුලක් වෙනවද?
මේ ගැන ටිකක් විස්තර කියන්න පුලුවන්නම් ලොකු දෙයක්.
නිසල්
@ නිසල්,
ReplyDeleteමේකෙ තියන වාසිය තමයි controls ටික එකම තැනක ඉඳන් access කරන්න පුළුවන් වීම. Folder එක delete උනාට අවුලක් නෑ, ඕනනම් ආයෙ හදාගන්න පුළුවන්.
controls ටික කිව්වේ control panel එකෙන් කරනදේද?ටිකක් පැහැදිලි කරන්න.
ReplyDeletenisal
ඔව්, මේකෙන් පුළුවන් control panel එකේ තියන එව්ව එකම window එකකින් බලාගන්න... :)
ReplyDeletexp walatath tricks tikak daannako
ReplyDeleteඅවුරුද්දකට පසුවනේමම දැකලාතියෙන්නේ
ReplyDelete