JQuery ගැන මම මීට කලින් ලිපි දෙකකදි කතා කළානෙ. මතක නෑ වගේනම් පහළ තියන links වලට කොටල එව්ව බලලම ඉන්නකො.
1. JQuery, පොඩ්ඩක් ලියල වැඩ ගොඩක් දාන්න
2. JQuery වලින් ලේසියෙන්ම AJAX ගොඩදාන්න
අද කියන්නෙ JQuery UI ගැන. ඒක JQuery පාවිච්චි කරල හදපු තවත් Free JavaScript Library එකක්. මේක පාවිච්චි කරල අපිට ලේසියෙන්ම interactive web applications හදන්න පුලුවන්. මේ උදාහරණ ටික බලන්නකො වැඩ කිඩ ටිකක් බලාගන්න.
1. Draggable
2. Droppable
3. Sortable
4. Datepicker
5. Progressbar
6. Date Range Picker
කොහොමද, හොඳයි නේද? තවත් වැදගත් දෙයක් තමයි මෙව්ව IE 6.0+, FF 2+, Safari 3.1+, Opera 9.0+ සහ Chrome 1.0 ඇතුලු ගොඩක් browsers වල අවුලක් නැතුව වැඩ කරන එක. අපිට වැඩකරන හැටි ඉගෙන ගන්න විස්තර සහිත documentation එකකුත් තියනව. මේ ඔක්කොම දේවල් මෙතෙන්ට (JQuery UI Home) ගියොත් බලාගන්න පුලුවන්. මෙතනින් බලාගන්න උදාහරණ ටික.
Code එක බාගන අපිට ඕන විදිහට වෙනස් කරන්න තමයි තියෙන්නෙ. මේ සටහනනම් ගොඩක් වැදගත් වෙන්නෙ web designing කරන අයට තමයි. තවත් මේ වගේ දේවල් ගැන ඉස්සරහට කියල දෙන්නම්කො. ඔන්න එහෙනම් මම ගියා. ඔබට ජය !
Monday, January 4, 2010
Friday, January 1, 2010
ජීවිතේ මුල් වරට - කවි පෙළක් ලිව්ව මං
ලැබූ නව අවුරුද්ද - ඔබ ඇතුලු සැම දෙනට
සුභම වසරක් වෙන්න - අවසරයි පතන්නට
වෙනසකුත් ඇතිවෙන්න - වසරෙ මුල් සටහනට
අලුත් ලෙසකින් ඔන්න - ලියනවා කියවන්ට
සින්ඩියට එක්වෙලා - තවම මං මාසයයි
අලුත් දේ කියවලා - දැනගත්තු දේ ගොඩයි
මං ලියපු දේ ගැනත් - ලැබුනු අදහස් ගොඩයි
තවත් දේවල් ගොඩක් - ලියන්නට මට හිතයි
බ්ලොග් එකට හිතමිතුරො - හැමදාම එක් වෙයන්
ලියන්නට අලුත්දේ - මගෙ හිතට වැටීයන්
ලියපුවා බලන අය - දිනෙන් දින වැඩි වෙයන්
ප්‍රතිචාර ලියන්නත් - හැමෝටම හිතීයන්
සමාවෙන්නට ඕන - පාඩමක් නෑ ඕං
අලුත් පාඩම් පෙළක් - ඉදිරියෙදි ගේන්නං
ජීවිතේ මුල් වරට - කවි පෙළක් ලිව්ව මං
ගලපගන කියවාල - හොඳ නරක කිව්වනං
සුභම වසරක් වෙන්න - අවසරයි පතන්නට
වෙනසකුත් ඇතිවෙන්න - වසරෙ මුල් සටහනට
අලුත් ලෙසකින් ඔන්න - ලියනවා කියවන්ට
සින්ඩියට එක්වෙලා - තවම මං මාසයයි
අලුත් දේ කියවලා - දැනගත්තු දේ ගොඩයි
මං ලියපු දේ ගැනත් - ලැබුනු අදහස් ගොඩයි
තවත් දේවල් ගොඩක් - ලියන්නට මට හිතයි
බ්ලොග් එකට හිතමිතුරො - හැමදාම එක් වෙයන්
ලියන්නට අලුත්දේ - මගෙ හිතට වැටීයන්
ලියපුවා බලන අය - දිනෙන් දින වැඩි වෙයන්
ප්‍රතිචාර ලියන්නත් - හැමෝටම හිතීයන්
සමාවෙන්නට ඕන - පාඩමක් නෑ ඕං
අලුත් පාඩම් පෙළක් - ඉදිරියෙදි ගේන්නං
ජීවිතේ මුල් වරට - කවි පෙළක් ලිව්ව මං
ගලපගන කියවාල - හොඳ නරක කිව්වනං
Subscribe to:
Posts (Atom)